මට කෝල් එකක් එනවා,
“බිසී ද ? “
“බිසී,හැබැයි ඔයා ගාව කවදාවත් බිසී නෑ “
තමන්ට වටින මිනිස්සු ගාව මිනිස්සු කවදාවත් බිසී වෙන්නේ නෑ.දැන හෝ නොදැන ඒ මිනිස්සුන්ව අපි අපේ ජීවිතේ වෙන කාටවත් ළං වෙන්න බැරි තරම් උඩකින් තියනවා.එතකොට හැමදාමත් මුල්ම රාජකාරිය වෙන්නේ ඔහු හෝ ඇය.
මගේ පාසල් කාලයේ මිතුරියක් ඒ දවස්වල අපි ගන්න බොහොම බය තීරණයක් ගන්නවා.ඇය තරුණයෙක් සමඟ ප්‍රේම සම්බන්ධයක් පටන්ගන්නවා විතරක් නෙවෙයි මිනිස්සු කියන දේ පයිසෙකට මායිම් නොකර ඇය ප්‍රසිද්ධියේ ආදරය කරනවා.ගෙවල් වලින් කැමැත්ත ගන්නවා.ඇය ඇයගේ ප්‍රේමය ජය ගන්නවා.පස්සේ ඇය විශ්ව විද්‍යලයට තේරෙනවා.විශ්ව විද්‍යාලයට තේරෙන කාලේ ඇය බැංකුවක කෙටි කාලයක් සඳහා පුහුණුවකට යනවා.මම ඇයගේ කතාවේ දන්නේ එච්චරයි.පහු කාලයක ඇය මට නුගේගොඩ දි මුණ ගැහෙනවා.වැඩිය කතා බහක් නොකර ඇය මාව මඟහරිනවා.පස්සේ මට අාරංචි වෙනවා ඇය බැංකුවේ වැඩ කරන කාලය තුළ බැංකු කළමණාකාරු සමඟ ප්‍රේම සබඳතාවයක් පටන්ගෙන ඔහුව විවාහ කරගත්ත බව.ඇයගෙ පෙම්වතාවට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හිත හදාගන්න සිද්ද වෙනවා.
මම කැමති වුණත් නොවුනත් අපේ සංස්කෘතික වටපිටාව ඇතුලේ ගැහැණිය නිර්මාණය වෙලා තියෙන්නේ යැපුම් මානසිකත්වයෙන්.පිරිමිය යටතෙම සිටිය යුතුයි කියන තැනින්.එතකොට ඇය හැම නිතරම බලය සහිත පිරිමියෙක් හොයනවා.ධනය බලය තියෙන පිරිමියෙක් වෙනුවෙන් ගැහැණු හේතු හදාගෙන ආකර්ශනය වෙනවා මම දැකලා තියෙනවා.එ් අතරේ එහෙම නොවෙන අවස්ථාත් තිබිලා තියෙනවා.හැබැයි ඉතාම විරලයි.
වෛද්‍යවරයෙක් වුණ මගේ මිත්‍රයෙක් දවසක් මට කියනවා “මචං අපේ බැච් එකේ කොල්ලෙක් අපේ බැච් එකේම කෙල්ලෙක් ගැන හිතාගෙන හිටියා.පළවෙනි අවුරුද්දේ විභාගය ඉවර වුණාට පස්සේ මූ ඒ ගෑණු ළමයගෙන් යාලු වෙන්න අහනවා.දෙන්නම වෛද්‍යය ශිෂ්‍යයෝ,ප්‍රශ්නයක් නෑනේ මචං ඔහු කියනවා….උබ දන්නවද වුණ වැඩේ මූ ආස්ක් අවුට් කරපු ගමන් අර කෙල්ල මුගේ පවුල් පසුබිම ගැලපෙන්නේ නෑ කියලා මූට අකමැති වෙනවා.පස්සේ ඒ මිත්‍රයා අපේ බැච් එකේම වෙන ගෑණු ළමයෙක් එක්ක විවාහ වෙනවා..අද දෙන්නම consultant ලා..එතකොට මචං අර ගෑණු ළමයා “කිව්වට විස්වාස කරපන් අදටත් එයාට කොල්ලෙක් හොයනවා කසාද බඳින්න ? ” මගේ මිත්‍රයා එහෙම කියද්දි මම තක්බීර් වෙලා යනවා.
මිනිස්සු කැමති යථාර්ථයට වඩා ෆැන්ටසිට පෙම් බඳින්න,පුද්ගල අභ්‍යන්තරයට වඩා සංඛේත වටිනාකම් වලට පෙම් කරන්න.තව කෙනෙක්ගේ පෞරුෂයකින් තමන්ව බබලවා ගන්න.ඒවගේ වරදක් නෑ..මිනිස්සු එහෙම තමයි.හැබැයි මොන දේ ලැබුණත් වටිනාකමක් බලෙන් ගන්න බෑ.එතකොට අර මුලින්ම කියපු යාලුවාගේ කතාවේ අවසානය කෝ……ඒක ඛේදාන්තයක්…ඒක ගැන කතා නොකර ඉමු.ඔබ කැමැත්තෙන් එල්ලිලා ඉන්න ඉන්න අපහසුව ඔබටමයි.ජීවිතේ තියෙන්න ඕන පහසුවෙන් ඉන්න මිසක් අපහසු තැන්වල බලෙන් රැඳෙන්න නෙවෙයි.ඒ නිසා ආදරය කරන්න..ඔබට වටින කෙනෙක්ට නෙවෙයි ඔබව වටින කෙනෙක්ට ??
උපුටා ගැනීම Sanka Rambukwella
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…