නිහෙක් දියේ ගිලෙනකොට පීනන් පුලුවන් කෙනෙකුට විතරමද එයාව බේරගන්න පුලුවන්..

මිනෑ.. ඇත්තටම ගොඩ ඉන්න අයටත් පුලුවන් එයලට උදව් කරන්න..

මිනිස් සිරුරේ ඝණත්වය සහ ජලයේ ඝණත්වය අතර තියෙන්නෙ ඉතා සුලු වෙනසක්.

ඒ නිසා ඔබේ සිරුරේ පරිමාව නිසා ලැබෙන උඩු කුරු තෙරපුමට අමතරව ලැබෙන සුලු උඩු කුරු තෙරපුම් සහයක් මගින් ඔබව දියේ නොගිලී තබාගන්න පුලුවන්.

කොටින්ම මූඩිය තදින් වැසූ හිස් මෙගා බෝතල් දෙක තුනකට මිනිහෙක් නොගිලී තබාගත හැකී.

පහුගිය කාලයේ දියේ ගිලෙන අය මුදාගන්න ක්ශණිකව දියට පැනපු කිහිප දෙනෙකුගෙම දිවි අහිමි උනා.ඒ ජීවිතාරක්ශක පුහුණුවක් හෝ ජීවිතාරක්ශක උපකරන වලින් තොරව ක්ශණිකව දියට පැනීම නිසා.

මිනිසුන් දියේ ගිලෙන සිදුවීම් වලට අදාල වීඩියෝ දර්ශන වල පේන්න තියෙන දෙයක් තමයි අදාල සිදුවීම් සිදුවෙන විට බොහෝ පිරිස් මෝටර් රථ පවා නවතාගෙන ඒ දෙස බලා සිටින බව.
මේ බොහොමයක් මෝටර් රථවල බීමට ජලය ගෙනයන ප්ලාසිට්ක් බෝතල් තියෙනව. හැබැයි කිසිම කෙනෙක් නිකමට වත් උදව් කරන්නේ නෑ.. ඒ තමයි නොදැනුවත්කම..

ක්ශණිකව ක්‍රියාත්මක වී ප්ලාස්ටික් බෝතල් කිහිපයක් සොයාගෙන එකට ගැටගසා දියේ ගිලෙන පුද්ගලයා වෙතට විසි කිරීම හෝ දියේ ගිලෙන්නා බේරාගැනීමට දියට පණින්නාට රඳවා ගැනීමට ලබාදීම මගින් අඩුම තරමේ එක් ජීවිතයක් හෝ අවධානම අඩුකරගත හැකී.

ඔබේ වාහනයේ අමතර රෝදයද හොඳ ආරක්ෂක උපකරණයක් බව දන්නවාද ? හොඳින් හුලං ගසා ඇති අමතර රෝදයකට දෙතුන් දෙනෙක් දියේ නොගිලී තබා ගැනීමට හැකිය. සැකයක් ඇත් නම් වතුරට දමා බලන්න.

ඔබේ කලිසම හෝ කමිසය හොදින් හුලන් රැදෙන රෙද්දකින් තනා ඇත් නම් දෙයක් නම් එහි එක් කොනක් ගැටගසා හුලන් පුරවා ඔබට විසිකල හැක..

කලබලය නිසා මෙය කල නොහැකි බව කිසිවෙකුට තර්ක කල හැකි වුවත් හදිසි අවස්ථාවකට සාර්ථකව මුහුණදීමේ පලමු පියවර කලබල නොවී සිටීම බව අමතක නොකල යුතුයි.

කිසිවෙකු හෝ දියේ ගිලෙන බව දැනගැනීමට ලැබුණු විට ක්ශණිකව ඒ දෙසට දිවයාමට පෙර නිවසේ ඇති හිස් බැරලයක් හා ලණු පටක් හෝ රැගෙන යාමට අමතක කරන්න එපා.
එය අඩුම තරමින් ඔබේ ජීවිතය හෝ රැක දේවි.

කණගාටුවට කාරණය නම් මෙවැනි වටිනා දේවල් පාසල් වල විශය නිර්දේශයට ඇතුල් නොවීමයි.. එසේ උනා නම් ජීවිත කීයක් නම් මේවන විට බේරාගන්න තිබුනාද? අර දියේ ගිලෙන අයට ගොඩ ඉදන් උදව් කරන්න තිබුනා.. හැබැයි නොදැනුවත්කම නිසා ඒ අය කිසි දෙයක් කලේ නෑ..

එමෙන්ම මිනිසුන් දියට පැනීම සඳහා සුලභව භාවිත කරන පාලම් ඉවුරු ආදිය ආශ්‍රිතව මෙවැනී එකිනෙක ගැටගැසූ බෝතල් කිහිපයක්,පරණ වාහන ටියුබ් කිහිපයක් හෝ එකට ඈඳූ සෘජු ෆෝම් බෝල කිහිපයක් වැනි සෑහැල්ලු පරිමාවෙන් වැඩි කුමක් හෝ දෙයක් එල්ල තැබිය හැකිනම් එය කාගේ හෝ ජීවිතයක් රැක ගන්නට මහත් උපකාරී වේවි.. අන්තිමට සාරාංශය,, මිනිහෙක් ගිලෙන තැනක උඩබලන් ඉන්නවට වඩා මොලේ තියෙන අයට කරන්න වැඩ තියනවා..✋

Pradeep Indika Kariyawasam

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

16 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

16 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago