එතිහාඩ් එයාර්වේස් හි අබුඩාබි-ෂැංහයි ගුවන් යානය, චයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස් හි මැනිලා-ෂැංහයි ගුවන් යානය සහ ශ්‍රී ලාංකික ගුවන් සමාගමේ කොළඹ-ෂැංහයි ගුවන් යානය අත්හිටුවන බව චීනයේ සිවිල් ගුවන් පරිපාලන ඒ්කකය නිවේදනය කර තිබෙනවා.
එතිහාඩ් එයාර්වේස් සහ චයිනා ඊස්ටර්න් එයාර්ලයින් ගුවන් ගමන් අත්හිටුවීම අගෝස්තු 17 වනදා සිට සතියක කාලයක් පවතින අතර ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් සති හතරක් සඳහා අත්හිටුවනු ඇති.
චීනයේ සිවිල් ගුවන් පරිපාලන ඒ්කකය සදහන් කලේ COVID-19 පැතිරීම තවදුරටත් පාලනය කිරීම සඳහා මෙම හදිසි තීරණය ගෙන ඇති බවයි.
මෑතදී සිදු වූ ගුවන් ගමන් වලදී COVID-19 වැලදුනු මගීන් කිහිප දෙනෙකු හමුවීමත් සමග මෙම තිරීණය ගෙන ඇති බවටයි තොරතුරු අනාවරණය වන්නේ .
චීන සිවිල් ගුවන් පරිපාලන ඒ්කකයේ ප්‍රතිපත්තියට අනුව, ගුවන් යානයක සිටින සියලුම මගීන් නව කිරීටක වයිරස සඳහා සති තුනක් අඛණ්ඩව පරීක්ෂා කර ඇතිනම් මෙම ගුවන් සමාගම් සදහා සතියකට ගුවන් ගමන් වාර දෙකක් ලබා දීමට පියවර ගන්නා බවටද තොරතුරු වාර්තා වනවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…