දේශීය

චීනය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් සති හතරක් සඳහා අත්හිටුවයි

එතිහාඩ් එයාර්වේස් හි අබුඩාබි-ෂැංහයි ගුවන් යානය, චයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස් හි මැනිලා-ෂැංහයි ගුවන් යානය සහ ශ්‍රී ලාංකික ගුවන් සමාගමේ කොළඹ-ෂැංහයි ගුවන් යානය අත්හිටුවන බව චීනයේ සිවිල් ගුවන් පරිපාලන ඒ්කකය නිවේදනය කර තිබෙනවා.

එතිහාඩ් එයාර්වේස් සහ චයිනා ඊස්ටර්න් එයාර්ලයින් ගුවන් ගමන් අත්හිටුවීම අගෝස්තු 17 වනදා සිට සතියක කාලයක් පවතින අතර ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් සති හතරක් සඳහා අත්හිටුවනු ඇති.

චීනයේ සිවිල් ගුවන් පරිපාලන ඒ්කකය සදහන් කලේ COVID-19 පැතිරීම තවදුරටත් පාලනය කිරීම සඳහා මෙම හදිසි තීරණය ගෙන ඇති බවයි.

මෑතදී සිදු වූ ගුවන් ගමන් වලදී COVID-19 වැලදුනු මගීන් කිහිප දෙනෙකු හමුවීමත් සමග මෙම තිරීණය ගෙන ඇති බවටයි තොරතුරු අනාවරණය වන්නේ .

චීන සිවිල් ගුවන් පරිපාලන ඒ්කකයේ ප්‍රතිපත්තියට අනුව, ගුවන් යානයක සිටින සියලුම මගීන් නව කිරීටක වයිරස සඳහා සති තුනක් අඛණ්ඩව පරීක්ෂා කර ඇතිනම් මෙම ගුවන් සමාගම් සදහා සතියකට ගුවන් ගමන් වාර දෙකක් ලබා දීමට පියවර ගන්නා බවටද තොරතුරු වාර්තා වනවා.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

2 days ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

2 days ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

3 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

3 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

5 days ago