Thursday, February 19, 2026
Homeදේශීයජාතික ජන බලවේගයෙන් පිළිතුරක්..

ජාතික ජන බලවේගයෙන් පිළිතුරක්..

ජාතික ජන බලවේගය කොළඹ දිස්ත්‍රික්කයෙන් ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 67600 කි. එම ඡන්ද සංඛ්‍යාවට මනාප 3 බැගින් 202,800ක් තිබේ. නමුත් පාවිච්චි වී ඇති සම්පූර්ණ මනාප සංඛ්‍යාව 144,364කි. (සියලු අපේක්ෂකයන් විසින් ලබා ගත් මනාප එකතුව.)

සෙසු අපේක්ෂකයන්ගේ පත්‍රිකා සහ පෝස්ටර් තුළ (පෝස්ටර් ඇලවූ ප්‍රෙද්ශවල) කණ්ඩායම් නායක අනුර දිසානායකගේ මනාප අංකයත් ප්‍රචාරය විය. එමගින් මාලිමාවට ඡන්දය දුන් සෑම ආසනයකින්ම අනුර දිසානායකගේ අංකය පිළිබඳ දැනුවත් වූ ඡන්දදායකයෝ මාලිමාවට අමතරව අපේක්ෂකයින් තිදෙනෙකු තෝරා ඇත.

අනුර කුමාර දිසානායක මනාප 49,814 ක් ලබා ඇත. එහි තෙගුණය වන්නේ 149,442 කි. ලැබී ඇති සම්පූර්ණ මනාප ගණන 144,346කි. ආසන්න වශයෙන් සමාන ය. සමහර විට අනුරගේ අංකය පමණක් දන්නා සුළු පිරිසක් අනුරට පමණක් මනාප සලකුණු කර ඇතැයි නිගමනය කළ හැකිය.

ඡන්ද 19,000කට ආසන්න ගණනක් මනාප නොදී මාලිමාව ඉදිරියේ පමණක් කතිරය ගසා ඇත.
‍මෙය පැහැදිලි කළ යුතු කරුණක් නොවේ..!එහෙත් අනුරගේ මනාප වැඩිවීමට සහ Wimal Ketipearachchiගේ මනාප අඩුවීමට හේතුව විමසා සිටිති.

ඔවුන්ට ඇත්තටම ප්‍රශ්නයක් තිබිය හැකිය. මේ සටහන ඇත්තටම ප්‍රශ්නයක් තිබෙන අය වෙනුවෙනි.යටින් සංවිධානය වී මනාප සළකුණු කළා නම් අනුර, ලක්ෂමන් නිපුණාරාච්චිගේ සහ සුනිල්ගේ වටගලගේ මනාප ආසන්න වශයෙන් හෝ සමාන විය යුතුය.

එසේ විමසා සිටින සමහරුන් අතරින් සුළුපිරිසක්, කිසිම තැනක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් නිපුණාරච්චිගේ මනාප අඩුවූයේ ඇයි දැයි විමසන්නේ නැත. හිටපු පළාත් සභා මන්ත්‍රී සුනිල් වටගලගේ මනාප ඡන්ද අඩුවූයේ ඇයිදැයි විමසන්නේ නැත.

ජාතික ජන බලවේගය සහ ජවිපෙ අතර ගැටුම් ඇති කිරීම සඳහා ඒ ප්‍රශ්නය අසන අවට මෙය පිළිතුරක් කර ගත යුතු නොවේ. ඔවුන්ගේ ප්‍රශ්නය ජාතික ජන බලවේගයේ පැවැත්මයි. ඔවුන්ට අවශ්‍ය පිළිතුර ජාතික ජන බලවේගය බිඳ වැටීමයි.

ඔවුන්ගේ අපේක්ෂාව අප තේරුම් ගත යුතුව ඇත.

උපුටා ගැනීම – රවිනාත් විජේසේකර ෆේස්බුක් පිටුවෙන්

READ:   පාතාලයටත් රැඳවියන්ගේ තර්ජනවලටත් අපි බය නෑ - ආරක්‍ෂක ලේකම් කියයි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්