දේශීය

වාස්ට එරෙහිව බොරු සාක්කි හැදුවැයි ඇඹිලිපිටිය SI අත්අඩංගුවට

මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අසත්‍ය සාක්ෂි සකස් කිරීම සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.

වාස් ගුණවර්ධන මහතාට අදාළ නඩු කටයුත්තේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතා සමඟ එක්ව ගිනි අවි තොගය සමඟ අසත්‍ය සාක්ෂි ගොනු කිරීමේ චෝදනාව මොහුට එල්වී ඇති අතර මේ වන විට ස්විස්ටර්ලන්තයට පැනගොස් සිටින පොලිස් පරීක්ෂක නිශාන්තද සිල්වා ද මෙයට සම්බන්ධ බවට හෙළිව තිබේ.

පෝද්දල පොලිස් වසමේ කිතුලන්පිටිය, ඔළුවිටකේ ප්‍රදේශයේ පුවක්වත්ත පාරේ ඔහු පදිංචිව සිටින බවත් කොළඹ අපරාධ කොට්ඨාසයට ඔහුව කැඳවා ප්‍රශ්න කිරීමකින් අනතුරුව අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය. සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Dinamina.lk

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

17 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

17 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

4 days ago