පාර්ලිමේන්තු මැතිවරණයේ දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමත්ව තිබේ.
එතුමා ලබා ගත් මනාප ඡන්ද සංඛ්‍යාව 5,27,364කි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනෙක් තේරීපත්ව ඇත.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඡන්ද එක් ලක්ෂ 99,203ක් ලබා ගනිමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙවැනි ස්ථානයට පත්ව තිබේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුන්වැනි ස්ථානයට තේරී පත්ව ඇත්තේ මහාචාර්ය ගුණපාල රත්නසේකර මහතායි. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව එක් ලක්ෂ 41,991කි.
දයාසිරි ජයසේකර මහතා එක් ලක්ෂ 12,452ක් ද, අසංක නවරත්න මහතා 82,779ක් ද වශයෙන් මනාප ඡන්ද හිමිකර ගෙන තිබේ. සමන් ප්‍රිය හේරත් මහතා හිමි කර ගත් මනාප ඡන්ද සංඛ්‍යාව 66,814ක්. ඩී බී හේරත් මහතා ඡන්ද 61,954ක් ලබා ගත්තේය. ජයරත්න හේරත් මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 54,351ක්. ශාන්ත බණ්ඩාර මහතා ඡන්ද 52,086ක් ලබා ගත් අතර, උඩුකුඹුරගේ සුමිත් මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 51,134කි.
මේ අතර සමගි ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ නලින් බණ්ඩාර මහතා මනාප ඡන්ද 75,631ක් ලබා ගත්තේය.
ජේ සී අලවතුවල මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 65,956ක්. ඡන්ද 54512ක් ලබා ගනිමින් අශෝක් අබේසිංහ මහතා එම ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයට පත්ව තිබේ. තුෂාර ඉදුනිල් මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 49,364කි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…