ජීවිතය අතිසුන්දර හීනයක් නොවේ. විටෙක එය අතිශය කටුක, කෘර අත්දැකීමක් විය හැකිය. ජීවිතය සුවපත් කරවන හො`දම ඔසුව ආදරයයි. නමුත් සැබෑ ආදරය සොයා ගැනීම අතිශය දුෂ්කර කාර්යයක් විය හැකියි. මේ ආදරය සුන්දර කරන ප‍්‍රධාන චරිතය තමයි බිරිඳ.
උපතින් ගැහැනිය මෙන්ම මිනිසා ද හුදෙකලා ජීවීන් ය. එහෙත් ඔවුන් සමාජගත වී හැදී වැඩෙන විට ඒ ඒ සංස්කෘතීන් තුළ අනන්‍ය ලක්ෂණ ඇතුළත්කර ගනිමින් චර්යාව ගොඩන`ගා ගනියි. එකී ගොඩනැ`ගීම සමාජ වටපිටාවට ගැළපෙන හා උසස් ආකාරයෙන් ගොඩන`ගා ගන්නේද යන ප‍්‍රශ්නය වර්තමාන සමාජය හමුවේ පවතින ප‍්‍රශ්නයකි.
කවර කලෙක කවර සමාජයක වුව මව් පදවියට යාව පවත්නා බිරිඳ නැතහොත් භාර්යාව යන තත්ත්වය ඉතා වගකීම් සහගත ගාම්භීර එකක්ය. බෞද්ධ දේශනාව සිය ලෝකෝත්තර අරමුණ හා සමගාමීව ලෞකික ජීවිතය අර්ථවත් කර ගැනීමට දී ඇති මග පෙන්වීම් බොහෝය. වෙනස්වන සමාජයක සියල්ලම නවීකරණයට ලක්විය යුතුය යන්න බහුතර මතයයි. එහෙත් සමහර දෑ වෙනස් වන්නේ යහපත් දිශාවකට නොවීම ඉතාම කනගාටුවකි. ‘‘බිරිඳ” යන භූමිකාව ද මෙකී වෙනස්කම තෝරා බේරා නොගැනීම අද දක්නට ඇති මහා ඛේදවාචකයක පෙර ලකුණු කියාපායි. බිරිඳ සිය අර්ථවත් ධාර්මික මග හෙළිපෙහෙළි කර නොගෙන ඉබාගාතයේ යන කෙනෙකු වුවහොත් ස්වාමියා අසරණ වන අතර ඔහුට හෝ ඇයට ලබන දරුවන් ද අධාර්මික වීම කාට නම් වළකනු හැකිද? බිරිඳක් සැබවින්ම ගුණගරුක ප‍්‍රතිපත්තීන්ගෙන් පූර්ණ චරිතයක් වුවහොත් සමාජය සුව`දවත් කළ හැකිය.
සුජාතා සිටු දියණිය මුල්කර ගනිමින් භාර්යාවන් හතක් ගැන බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇත.
1. වදක භාර්යාව (වදක බිරිඳ)
2. චෝර භාර්යාව (සොර බිරිඳ)
3. ආර්යා භාර්යාව (ළමා තැනී)
4. මාතෘ භාර්යාව (අම්මා වැනි බිරිඳ)
5. භගනි භාර්යාව (සහෝදරිය වැනි බිරිඳ)
6. සකී භාර්යාව (යෙහෙළිය වැනි බිරිඳ)
7. දාසි භාර්යාව (මෙහෙකාරිය වැනි බිරිඳ)
යම් කෙනෙකුට වදක භාර්යාවක් ලැබුනොත් ‘‘මේක නම් මගෙ කරුමයක්” කියලා හිත හදා ගන්න තමයි තියෙන්නේ. පවුලේ කිසිම සමගියක් නෑ. මහා දුකකින් තමයි මැරෙනකම්ම ජීවත් වෙන්න තියෙන්නේ. මේ බිරිඳ නිතරම ස්වාමියා පාගගෙන කටයුතු කරන්න තැත් කරයි.
චෝර භාර්යාව, ඒ කියන්නේ සෙර. ගෙවල් ඇතුළෙම හොරු. ස්වාමියා හම්බ කරන ධනය සොරකම් කරනවා. ස්වාමියා දුක් මහන්සි වී කොච්චර හම්බ කරලා දුන්නත් මේ කාන්තාවට මදි. තමන්ට ඕන ඕන විදියට තේරුමක් නැතිව වියදම් කරයි. ඒ විතරක් නොව, අවසානයේදී තම ස්වාමියා වැරදිකරු බවටද පත් කරනවා. කිසිම අරපිරිමැස්මක් නැහැ.
අනෙක් නරක බිරිඳ තමයි ආර්යා භාර්යාව හෙවත් ළමාතැනී. මැය ගෙදරදොරේ කිසිම වැඩපලක් කරන්නේ නැහැ. ස්වාමියාගේ වැඩවලට උදව් කරන්නෙත් නැහැ. කිසිම කෙනෙකුට උදව් නොකර එක එක්කෙනා ලවා වැඩකරවා ගනිමින් විවේකයෙන් සිටියි. මෙයා හරිම කම්මැලි අලස කෙනෙක්. හැමවෙලාවෙම ආහාර තම්බ තම්බා ගිලින එකම විතරයි කරන්නේ. මැය හරිම නපුරුයි.
ඉහත ස`දහන් කළ බිරින්දෑවරු තිදෙනාම ජීවිතයේ අසාර්ථක අය වේ. මරණින් මතු නිරයේ උත්පත්තිය ලබයි. අනෙක් බිරින්දෑවරු හතර දෙනාම සාර්ථකයි. එය එම නම්වලින්ම ඔබට වටහා ගැනීමට හැකිවනු ඇත. කොච්චර හොඳට පොරොන්දම් බලලා කේන්දර බලලා, තියෙන හොඳම නැකතට පෝරුවට නැග්ගත් ඉහත බිරින්දෑවරු
තිදෙනාගෙන් එක් අයෙකු ලැබුවොත් ඒ පවුල් ජීවිතය අසාර්ථක වේ. එසේ නම් අපට පැහැදිලිව පේනවා පෝරුවේ වත්, පොරොන්දම්වලවත්, කේන්දර වල වත් නෙවෙයි ප‍්‍රශ්නය තියෙන්නෙ, මේ මිනිසුන්ගේ ජීවිතවල ධර්මය නැති වීමයි ප‍්‍රශ්නය.
මෙකී දේශනාවන්හි ගැඹුර තේරුම් කරගත් අතීත සමාජය තුළ භාර්යාව ඉතා වගකීම් සහිත ගෞරවනීය තැනෙහිලා සලකා ඇත. එහෙත් වර්තමානය පිළිබඳ අදහස් දැක්වීමේදී ඉතා කටුක සිදුවීම් සමුදායක් එහි වෙලී පවතී යැයි කීම සාධාරණය. විවාහයෙන් පසු භාර්යාව ඉතා සූක්ෂම ආකාරයෙන් සිය ස්වාමියාගේ පාර්ශ්වය කෙරෙහි දක්වන ආකල්ප ඉතා පටුය. ආත්මාර්ථකාමී බවින් පිරී ගිය බිරින්දෑවරුන්ගේ ඉතා ඉහළ ප‍්‍රතිශතයක් වත්මන් සමාජය තුළ සිය භූමිකාව වැරදි ලෙස රගදක්වන බව ඇසට පෙනෙන කරුණකි.
දිනෙන් දින ඉදිරියට යන වර්තමාන සමාජය තුළ බිරිඳක් සතුවිය යුතු ගුණාංග නිසි අයුරින් වටහා ගන්නේ නම් හෙට ලෝකය සුඛිත, මුදිත කිරීම එතරම් දුර නොවේ. එසේම බිරිඳක සතු නියමාකාර ගුණාංගයන් වටහා නොගන්නේ නම්, රටක රාජ්‍ය මට්ටමේ නීතිගත ප‍්‍රතිපත්ති පවා අසාර්ථක වීමට එය බලපෑ හැකිය.
යහපත් බිරිඳකගේ ගති ලක්ෂණ විනාස වීමට මාධ්‍යයක් හේතුවක් බව අකැමැත්තෙන් හෝ පිළිගත යුතුය. ටෙලි නාට්‍ය කලාව තුළ ඉතා සූක්ෂම ආකාරයෙන් බිරිඳගේ ගෞරවය කෙලෙසා ඇත. බහුතරයක් ටෙලි වෘතාන්ත තුළ ස්වාමියාට ඇත්තේ එක් බිරිඳක් නොවේ. ඇය තවත් පුරුෂයන් කිහිප දෙනකුට පෙම් කරයි. ඒ මාධ්‍ය තුළ ඉතා බහුලව පවත්නා විලාසිතාවකි. මෙවැනි අශීලාචාර පණිවුඩ සමාජගත කරන්නන්, තමා කරන කාර්යයේ වැරැුද්දක් ඇත්දැයි නොසිතීම පුදුමයකි. අනාගත නව පරම්පරාවට ද ඒත්තු ගැන්වීමට උත්සාහ දරන්නේ බිරිඳ වූ පමණින්ම ඇය අනියම් බැඳීම් ද ඇතිකර ගත යුතුයි යන අශිෂ්ට පණිවිඩයකි.
මඳක් සිතා බලන්න. මාධ්‍ය වැඩසටහන් තුළ වැඩි වශයෙන්ම කාන්තා වැඩසටහන් ඇත. නමුත් ඒ සියල්ල යථාර්ථය නොවේ. බොළඳ හරසුන් දේ වැඩි වශයෙන් ඇත. එවැනි හරසුන් දේ අසා, බලා, කියවා කිසිදා ජීවිතාවබෝධය ලබා ගැනීමට නොහැක. ව්‍යාජ බිරින්දෑවරුන්, නරුම බේබදු පිරිමින් පසුපස යන දර්ශන වර්තමාන ආලින්දයට ගෙනෙන අවස්ථා බහුලය. ඕපපාතික විකෘති අදහස් මවන්නන් මෙකී වියරුවෙන් මිදීමට බැරිව සමාජය ද විනාශ කරයි. එය සමූලඝාතන අවියකට සමානයි. මන්දයත් ඔවුන් වනසන්නේ බිරිඳ නම් වූ භූමිකාවට හිමි මහා ගෞරවය පමණක් නොව. ඒ අවට පරිසරය ද විකෘති කරමින් ය. එසේ නම් බුද්ධිමත් ඔබ තේරුම් ගත යුතුයි ඔබ කුමන ගණයේ බිරිඳක්ද සහ තරුණියක් නම්, ඉදිරියේදී කෙලෙස තම ස්ථානය රැක ගන්නවාද කියා.
divaina.com
කැලණි ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශයට ඇතිවූයේ වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමේ ඊයේ…
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…