Categories: දේශීය

හිතක් පපුවක් ඇත්තෝ නම්

උදාවී ඇති තත්ත්වය අනුව නොකියාම බැරි කතාවකි ?

හිතක් පපුවක් ඇති එවුන් වෙනුවෙන් ලියමි…

ඩුබායි තානාපති කාර්යාලයේ ලියාපංදිච් වී මව්බිම නැවත පැමිනීමේ අපේක්ෂාවෙන් එහි පිටත රැදීසිටින ලාංකිකයින් පාන්දර 1සිට රැඳී සිටින බව කීවොත් ඔබ විශ්වාස කරනවාද?
රැකියා අහිමිව, රැකියා සොයා පැමිණි බොහෝ පිරිසක් මේ අතර ගිනි අව්වේ රැඳිසිටින්නෙ තම වාරය පැමිනෙන තුරුය.
මෙවන් හදිසි අවස්තාවක අත්‍යාවශ්‍යම තානාපති සේවය පුරුදුපරිදි 8:30-සිට 1 දක්වා කාලය රාජකාරිය අකුරට ඉටුකරයි.එය ඔවුන්ගේ වරදක් නොවන බව අපි දනිමු.
දිනකට 200 දෙනෙකු පමණක් ලියාපදිංචි කරන අතර අලුයම පැමිනි අංකයක් ලබා නොගත්තොත් සිදුවන්නෙ ආපසු හැරීයාමටය. තානාපති කාර්‍යාලයට යන්නෙකුට පැය ගානක් එහි ඉන්නට වුවද වතුර උගුරක්වත් ලැබෙන්නේ නැත. සමහර අවස්ථාවන් වල යහමින් තවම මෙහි රැදී සිටින අය පැමිණ අහාර පාන සපයන අවස්ථා දැක ඇත. නමුත් වසරක් පාසා බියුරෝ ගාස්තුව නියම ලෙස අපි කවුරුත් ගෙවා ඇත්තෙමු.

ඩුබායි රාජ්‍ය විසින් විසා කල් ඉකුත් වී ඇති අයට ( විසිට් සහ රෙසිඩන්ට් )පොදු සමා කාලය අවසන් කර දඩ මුදලක් ලබන මස 14යින් පසුව අයකරන බව එරට පුවත්පත් වාර්තා කොට ඇත. අනෙකුත් සියලුම රටවල් තම පුරවැසියන් ඉවත්කර ගැනීම සිදුකරද්දී ලාංකිකයින් පමණක් අනාත කොට ලංකා රජය විසින් ඔවුන් සතුරන් ලෙස සලකන්නෙ මන්දැයි අසන්නට කෙනෙක් නැත.මෙම වාතාවරණය රාජ්‍යතාන්ත්‍රිකව ප්‍රශ්නයක් වීමට ඉඩකඩ විවර වන්නෙ අගෝස්තු 14 පසුවය.
සියලු පීඩාවන්ට ලක්වී අන්ත අසරණව ආහාර පවා නොමැතිව දුක් විඳින ඔබේ පවුලේ ඥාතීන් හිතවතුන් මේ අතර සිටිය හැක.
දීර්ඝ ලිපි ලියා තත්වය පැහැදිලි කිරීමට අවැසි නැත.

අවසානයේ මේ දුක්විඳින ඔබෙ සහෝදරයා අම්මා තාත්තා නෑහිතවතුන් වෙනුවෙන් ඔබෙන් බලාපොරොත්තු වන එකම දෙය නම් මේ අසරණ වුන අය අමතක කරන්න තරම් ඔබ ගුනමකු නොවන්න. විදේශ ගත අය කොරෝනා රැගෙන පැමිණ රට විනාශ කරන බව කියවෙන බොහෝ ලිපි සහ කමෙන්ට් දැක්කෙමි. එසේනම් විදේශ ගත වූ අප කාත් කවුරුත් නැති ලෙස මෙහිම මියැදිය යුතුද?

ජායාරූප අයිතිය මුල් අයිතිකරුවන් සතුය

උපුටාගැනීමකී.. ?️

Recent Posts

ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ මහා සමුළුවේ සමාරම්භක උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…

5 days ago

ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායකගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…

5 days ago

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

7 days ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

7 days ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

1 week ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

1 week ago