දේශීය

මෙරට ඉතිහාසයේ පළමු වරට ගුවන් යානාවල ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මැදිහත්කරුවන් පත් කරයි

මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට ගුවන් යානා පැහැර ගැනීම් හෝ ප්‍රාණ ඇපකරුවන් රඳවාගැනීම් වැනි අවස්ථා කළමනාකරණයේ කොටසක් ලෙස ජාත්‍යන්තර ගුවන් සේවා සම්මුතීන් වලට අනුකූලව ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මැදිහත්කරුවන් පත් කර තිබෙනවා.

මෙලෙස පත්වීම් ලබාදී ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 9 දෙනෙක් බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

අද (16) දින අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති නිල උත්සවයකදී ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මැදිහත්කරුවන් වෙත ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් පත්වීම් ලිපි ලබා දෙනු ලැබුවා.

ජාතික සිවිල් ගුවන් සේවා ආරක්ෂක කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ආරක්ෂක ලේකම් එම නිළධාරීන් අමතා පවසා සිටියේ මෙම පත්වීම කාලෝචිත අවශ්‍යතාවයක් බවත්, සිවිල් ජීවිත ආරක්ෂා කිරීම සඳහා දැඩි වගකීම් දැරීමට සිදුවන බවයි.

9/11 ප්‍රහාරයෙන් පසු ලෝකයේ ගුවන් සේවා කර්මාන්තයට ඇති වූ තර්ජන හමුවේ එය විකාශනය වී ඇති ආකාරය සහ අනාගතයේ දී එවැනි තත්වයන් වළක්වා ගැනීම සඳහා කාලෝචිත පියවර ගැනීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළේ.

මීට අමතරව ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ නව ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මැදිහත්කරුවන් කණ්ඩායම ගුවන් සේවා නිලධාරීන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ විය යුතු බවත්, ඔවුන්ගේ සේවා හැකියාව ඉහළ නැංවීම සඳහා විධිවිධාන යොදා ඇති බවයි.

ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මැදිහත්කරුවන්ගේ කණ්ඩායම 2016 දී ඇමරිකා එක්සත් ජනපදයේ දී පුහුණුවක් ලබා ඇත.

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) සියලුම සාමාජික රටවල් අතර ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ජාත්‍යන්තරව පිළිගත් සම්මතයන් මෙම පත්වීම් මගින් සපුරාලන බව ගුවන් ආරක්ෂක රෙගුලාසි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පී. ඒ. ජයකාන්ත ප්‍රකාශ් කළේ.

මෙම ජාතික අවශ්‍යතාවය 2016 සිට ජාතික සිවිල් ගුවන් සේවා ආරක්ෂක කමිටු රැස්වීම්වලදී නිරන්තරයෙන් සාකච්ඡා වූ බව ඔහු පැවසුවේය.

“ප්‍රාණ ඇපකරුවන් බවට පත්වන අවස්ථාවන් පාලනය කිරීම සහ නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ද අත්සන් කර ඇති හේග් සහ ටෝකියෝ යනුවෙන් ජාත්‍යන්තර සම්මුතීන් දෙකක් තියෙනවා”. ඔහු තවදුරටත් පැවසීය.

පත්වීම් ලැබූ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මැදිහත්කරුවන්ගේ කණ්ඩායමට ගුවන් සමාගම් ක්ෂේත්‍රයේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට හැකි සෑම අවස්ථාවක්ම සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ලබා දෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම සහතික විය

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

1 day ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

1 day ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

4 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

4 days ago