සිබිල් නැන්දා ලෙසින් ආදරය දිනාගත් සිබිල් වෙත්තසිංහ මහත්මියගෙන් ලෝක ළමා සාහිත්‍ය පෝෂණය කිරීමට ලැබූ දායකත්වය ශී‍්‍ර ලාංකිකයින් වශයෙන් අභිමානයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා.
ශෝක පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ දරු පරපුර අතර සිරිත් විරිත් සහ වටිනාකම් ප‍්‍රවර්ධනයට සිබිල් වෙත්තසිංහ මහත්මිය දශක 6 ක් පුරා කළ අත්හදා බැලීම් ලාංකේය අනන්‍යතාව සහිත ළමා සාහිත්‍යයක් ලෝකයට දායාද කිරීමට උපකාර වූ බවයි.
ශෝක පණිවිඩයක් නිකුත් කරමින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාද පවසන්නේ මුළු දිවියම ළමා ලෝකයේ සතුට වෙනුවෙන් කැප කළ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ නිර්මාණ තවත් චිරාත් කාලයක් මෙරට ළමා ලෝකය සුන්දර කරනු ඇති බවයි. පුංචි දරුවන්ගේ ලෝකය තුළ ආදර සිබිල් නැන්දා වීරවරියක් බවද අග‍්‍රාමාත්‍යවරයා පවසනවා.
ජාත්‍යන්තර කීර්තියට පත් කෘතහස්ථ ළමා කතා ලේඛිකාවක සහ ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පිනියක වූ අභාවප‍්‍රාප්ත සිබිල් වෙත්තසිංහ මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (03) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කෙරෙනවා.
93 හැවිරිදි වියේ පසු වූ ඇය ඉකුත්දා අභාවප‍්‍රාප්ත වූයේ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි. සිබිල් වෙත්තසිංහ මහත්මියගේ දේහය පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබුණේ මහජන ගෞරවය සඳහායි.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…