Categories: දේශීය

මුඛ ආවරණය ඡන්ද ප්‍රචාරණයට යොදා ගැනීම ගැන පැමිණලි


කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂාවීම සදහා පළඳින ලෙසට නිර්දේශ කර ඇති මුඛ ආවරණද එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් සිදුකරන ප‍්‍රචාරණ කටයුතු සදහා යොදා ගෙන ඇතැයි තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව මැතිවරණ සළකුණ, මනාප අංකය සහ අපේක්‍ෂකයාගේ නම සහිත මුඛ ආවරණ පැළඳ ඡන්ද ප‍්‍රචාරණයේ යෙදුණු සිද්ධීන් වාර්තා වන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

ඔවුන් පොලිස් මූලස්ථානය වෙත දැනුවත් කර ඇත්තේ දේශපාලන පක්‍ෂ සහ අපේක්‍ෂක ප‍්‍රවර්ධනය සදහා මුඛ ආවරණ යෙදා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි ද ලැබී ඇති බවයි.

මෙලෙස මැතිවරණ සළකුණ, අංකය සහ අපේක්‍ෂකයාගේ නම සහිත මුඛ ආවරණ පැළඳ මැතිවරණ ප‍්‍රචාරණයේ යෙදීම මැතිවරණ පනත යටතේ වරදක් වනවා. ඒ අනුව මෙවැනි කි‍්‍රයාවන්ගෙන් වැළකී සිටින ලෙසටයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මෙවැනි ප‍්‍රචාරණයන් සිදුවේ දැයි පරීක්‍ෂා කරන ලෙස දිවයිනේ සියළු පොලිස් ස්ථාන වෙත වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ද ලබාදී තිබෙනවා. 

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

24 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

2 days ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

2 days ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

4 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

4 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 days ago