Thursday, September 10, 2026
Homeදේශීයක්‍රිකට්, දැල්පන්දු ආසියානු ශූරයන් පිළිගැනීමට විශේෂ රථ පෙළපාලියක්

ක්‍රිකට්, දැල්පන්දු ආසියානු ශූරයන් පිළිගැනීමට විශේෂ රථ පෙළපාලියක්

මෙවර ආසියානු කුසලාන දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගත් දැල්පන්දු කණ්ඩායම පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් අද (13) සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපළේ සිට විවෘත තට්ටු දෙකේ බස් රථ දෙකකින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම විශේෂ රථ පෙළපාලියකින් කොළඹ දක්වා ගමන් කිරීමට නියමිතයි.

අද (13) උදෑසන 6.30 ට පමණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ආරම්භ වන රථ පෙළපාලිය කොළඹ කටුනායක සාමාන්‍ය මාර්ගය ඔස්සේ ගමන් කරනවා.

ආසියානු කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම පිළිගැනීම සඳහා ජාතික ධජ සහිතව මඟ දෙපසට එක්රොක්වෙන ලෙස සියලුදෙනාට ආරධනා කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නිකුත් කළ නිවේදනය පහතින්,

READ:   ප්‍රදේශ කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්