Thursday, April 30, 2026
Homeදේශීයමේ මොහොතේ අපගේ වඩාත් සිත්ගත් රාජ්‍ය නායකයා හෝ නායිකාව - නවසීලන්ත අගමැතිනී...

මේ මොහොතේ අපගේ වඩාත් සිත්ගත් රාජ්‍ය නායකයා හෝ නායිකාව – නවසීලන්ත අගමැතිනී Jacinda Kate Laurell Ardern

ඊයේ පැවති (ඔක්.17) 2020 මහ මැතිවරණයේදී ද ඈ නියෝජනය කළ කම්කරු පක්ෂය 49.1% එනම් සමස්ත ආසන 120 න් ආසන 64 ක් දිනා ගනිමින් ජයග්‍රහණය කළා. ඇගේ ජයග්‍රහණය සිදුවන්නේ ‍රාජ්‍ය නායිකාව ලෙස අර්බුද කිහිපයක් කළමනාකරණය කරගත් ආකාරය හා රාජ්‍ය පාලනයේ දී ඇය දැක්වූ අවංක කැපවීම නිසා බවයි හැඟෙන්නේ.

විශේෂයෙන් 2019 මාර්තු 15 දා ක්‍රයිස්ට්චර්ච් හී ඉස්ලාම් බැතිමතුන් ඝාතනය කළ අමානුෂික සිදුවීමේ දී එය කළමනාකරණය කරගන්නට ඇය දැක්වූ ශූර බව හා අවංක සහකම්පනීය ( Empathy ) ගුණය මෙන්ම කොවිඩ් වසංගතයේ දී සිය රාජ්‍යය ඉන් ගලවා ගන්නට හැකි අයුරින් සියල්ල මෙහෙයවීම මෙන්ම ඉන් පැන නැගුණ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා තමන්ද ආදර්ශමත් ලෙස කැපකිරීම් කරමින් අන් දේශපාලකයින් ද, ජනතාවද ඒ වෙනුවෙන් පොළඹවා ගත් ආකාරය හා ඒවා සාර්ථක කරගැනීම ද විචාරකයින්ගේ වෙසෙස් අවධානයට ලක්වුණා.

Mount Albert ආසනය නියෝජනය කරන ජසින්ඩා ආර්ඩන් මෙවර සිය ආසනය ජයග්‍රහණය කරන්නේ විශාල බහුතර ඡන්ද ප්‍රමාණයකින්. ඇය ඡන්ද 23,198 ක් ලබන විට ඇගේ ප්‍රධාන ප්‍රතිවාදිනිය වන ජාතික පක්ෂයේ මෙලිස්සා ලී ලබාගන්නේ ඡන්ද 6,621 ක් පමණයි.ජසින්ඩා ආර්ඩන් නවසීලන්තයේ තුන්වන කාන්තා අගමැතිනිය ද වෙනවා. ඇයට පෙර ජෙනී ෂිප්ලෙ Jenny Shipley (1997–1999) හා හෙලන් ක්ලාක් Helen Clark (1999–2008) අගමැති ධූරය හොබවා තිබෙනවා.

© කපිල එම්. ගමගේ

READ:   පොදුජන පෙරමුණ සමඟ යු.එන්.පී එක චීනයේ සංචාරයක
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්