Sunday, July 26, 2026
Homeක්‍රීඩාසිම්බාබ්වේ කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කරයි

සිම්බාබ්වේ කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කරයි

සිම්බාබ්වේ කණ්ඩායම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියාවේදී ක්‍රිකට් තරඟ ජයග්‍රහනයක් වාර්තා කර තිබෙනවා.

මෙම තරඟයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 31ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 141ක් ලබාගෙන තිබෙනවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 39ක් තුළ කඩුළු 07ක් පමණක් දැවී ලකුණු 142ක් ලබාගෙන තරගය ජයග්‍රහණය කර ඇති බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් තරඟාවලියේ පෙර තරග 02කම ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කර තිබූ නිසා ඔවුන්ට තරඟාවලියේ ජය හිමි වී ඇති අතර සිම්බාබ්වේ කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවේ දී එක්දින තරගයකින් ලද ප්‍රථම ජයග්‍රහණය ලෙස ක්‍රිකට් වාර්තා අතරට මෙම තරගය එක්වුණා.

READ:   BREAKING NEWS-පාසක්කුවේ යාඥාවයි පාගනමයි නවත්වන්න මීගමු පොලීසිය අධිකරණයට ගිහින්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්