Friday, April 24, 2026
Homeදේශීයජීවත්වීමේ අර්බුදය නිසා ජනතා විරෝධතා ඇතිවුවහොත් ලේ වැගිරීම් ද ඇති විය හැකියි...

ජීවත්වීමේ අර්බුදය නිසා ජනතා විරෝධතා ඇතිවුවහොත් ලේ වැගිරීම් ද ඇති විය හැකියි – මහ බැංකු අධිපති

ජීවත්වීමේ අර්බුදය නිසා ජනතා විරෝධතා ඇතිවුවහොත් එය ලේ වැගිරීමක් දක්වා වර්ධනය විය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. අධි උද්ධමනයකට යෑමට නොදි රටේ ආර්ථිකය පාලනය කළ යුතු බවයි එතුමා පාර්ලිමේන්තුවේ පැවති සම්මන්ත්‍රණයක එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ.

මේ අවුරුද්ද අවසානය දක්වා දැනට පවතින අසීරු තත්ත්වය පැවතිය හැකි බවත්, ඉන්ධන, විදුලිය හා ජල ගාස්තු කාලයක් තිස්සේ වැඩි නොකිරීම නිසා, වැඩි නොකර සිටීමට බැරි තත්ත්වයකට පැමිණි පසු දැන් එකවර එය වැඩි කිරීමට සිදුව ඇති බවයි මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙන්නේ.

මේ සියලු ආර්ථීක තත්ත්වයන් තුළ වැඩි බලපෑමට ලක්වන්නේ අඩු ආදායම් ලාභීන් බවත්, ජීවත්වීමේ අර්බුදයක් පැමිණිය හොත් ජනතාව පාරට බසින බවත්, තවමත් එවැනි රැල්ලක් ඇතිවී නොමැති අතර මීළඟ රැල්ල ලෙස අඩු ආදායම් ලාභීන් ජීවත්වීමේ අර්බුදය හමුවේ පාරට බැසීමක් සිදුවුවහොත්, එය ලේ වැගිරීමකින් කෙළවර වන බවත් එය කිසිවෙකුට පාලනය කළ නොහැකි බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

READ:   UPDATE: අත්අඩංගුවට පත් පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමි කොටුව අධිකරණයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්