Thursday, September 10, 2026
Homeදේශීයඅද කාලගුණය

අද කාලගුණය

අද (16) මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ අනෙකුත් පළාත් වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් දක්නට ලැබෙන බවයි කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවීය හැකි තාවකාලික තද සුළං සහ අකුණු වලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

READ:   නාගනන්දගේ නීතිඥ වෘත්තිය තහනම් කිරීමට නියෝග
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්