Friday, July 31, 2026
Homeදේශීයඅද (15) සිට පෞද්ගලික බස් රථ 100% ධාවනයට සැලසුමක්

අද (15) සිට පෞද්ගලික බස් රථ 100% ධාවනයට සැලසුමක්

අද (15) සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ 100% ධාවනයේ යෙදවීම සඳහා සැලසුම් කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව බස් රථ 12.000ක් පමණ දිවයින පුරා ධාවනය අපේක්ෂා කරන බව බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පෙන්වා දෙනවා.

අද (15) සිට සතියේ දින පහම පාසැල් පැවැත්වෙන බැවින් පාසැල් දරුවන්ට අපහසුතාවයක් ඇති නොවන ලෙස පෞද්ගලික බස් රථ ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇතැයි බස් සංගමයේ සභාපති ගැමුණු විජේරත්න වැඩිදුරටත් සඳහන් කළා.

READ:   ඉන්ධන මිල සංශෝධනය අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්