අධික වර්ෂාපතනයත් සමඟ ඩෙංගු ව්‍යාප්තිය රට පුරා සීඝ්‍රයෙන් ඉහළ යන ආකාරයක් දක්නට ලැබෙනවා. මේ වන විට රට තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 66 ක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ප්‍රකාශ කරනු ලැබුවා.
මීරිගම , වාද්දුව, අක්මීමන , හබරාදූව, හම්බන්තොට , වැලිගම , කුලියාපිටිය ,හා වරකාපොල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ අවදානම් කලාපයන්ගෙන් තවදුරටත් සීඝ්‍රයෙන් ඩෙංගු ව්‍යාප්තිය සිදුවන ප්‍රදේශ වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.
වසරේ මේ දක්වා කාලය තුළ සමස්ත ඩෙංගු රෝගීන් ගණන – 48351 වාර්තා වී ඇති අතර ඉන් වැඩි පිරිසක් එනම් රෝගීන් 12441 වාර්තා වී ඇත්තේ කොළඹ ප්‍රදේශයෙන් බව වාර්තා වනවා.



