Thursday, May 14, 2026
Homeක්‍රීඩාමල්ලවපොර ශූරී නෙත්මි අහිංසා දිවයිනට

මල්ලවපොර ශූරී නෙත්මි අහිංසා දිවයිනට

බ්‍රිතාන්‍යයේ පැවති 22 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රි ලංකාවට මල්ලවපොර ඉසව්වෙන් පදක්කමක් හිමිකර දීමට සමත් වූ නෙත්මි අහිංසා අද (08) දිවයිනට පැමිණ තිබෙනවා.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මල්ලවපොර කිලෝග්‍රෑම් 57 බර පන්තිය නියෝජනය කරමින් නෙත්මි අහිංසා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් වූ අතර ඇය ඉතිහාසයට එකතු වුනේ පොදුරදමඩුලු ක්‍රීඩා උලෙළෙක මල්ලවපොර ඉසව්වෙන් ශ්‍රී ලංකාවට පදක්මක් දිනා දුන් පළමු ක්‍රීඩිකාව ලෙසට ලෙසටයි .

ඇය මෙරටට පැමිණීම පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මල්ලවපොර සංගමයේ ප්‍රධාන නිලධාරීන් රැසක් ද ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියා.

READ:   ආහාර මිල උද්ධමනය අධිකම රටවල් අතරට ශ්‍රී ලංකාවත්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්