Saturday, July 25, 2026
Homeදේශීයශාන්ත ජෝන් ගිලන් රථ කණ්ඩායම, පොලිස් නිවේදනයෙන් පසු අරගලකරුවන්ගේ උපහාර මැද, ගාලුමුවදොරට...

ශාන්ත ජෝන් ගිලන් රථ කණ්ඩායම, පොලිස් නිවේදනයෙන් පසු අරගලකරුවන්ගේ උපහාර මැද, ගාලුමුවදොරට සමුදෙයි..

අගෝස්තු මස 5වනදින සවස 5ට පෙර ගාලුමුවදොරින් ඉයත් වෙන ලෙසට කළ පොලිස් දැනුම්දීම සිදුවන අතර, එම පරිශ්‍රයේ මෙතෙක් රැඳී අරගලකරුවන්ට සෙත සැලසූ ශාන්ත ජෝන් ගිලන් රථ කණ්ඩායම ගෝල්ෆේස් අරගලභූමියෙන් භූමියෙන් ඉවත්ව යන බවට අරගලකරුවන්ට දැනුම් දී තිබෙනවා. ඔවුන් මේ වනවිට ඔවුන්ගේ සියලු බඩු බාහිරාදිය ඉවත්කර ගනිමින් සිටින බවයි අරගල බිමෙන් වාර්තා වන්නේ.
ගාලුමුවදොරින් ඉවත් වූ නමුත් ඉදිරියටත් අරගලයට සහය දක්වන බව ශාන්ත ජෝන් ගිලන්රථ හමුදාව අරගලකරුවන්ට දැන්වූ බව එහි සිටින පිරිස් පවසනවා.
“ගෝල්ෆේස් අරගල භුමියෙන් පමණයි ඉවත් වෙන්නේ.ඕනෑම හදිසි අවස්ථාවක අපගේ සහයෝගය ලබා දෙන්න අප ඉදිරියටත් සුදානම්”

ඔවුන් මෙසේ සමුගන්නා විට, එහි රැඳී සිටින අරගලකරුවන්,මාස ගණනාවක් තමන්ට සෙත සැලසීම පිළිබඳව දැඩි ප්‍රශංසාවෙන් යුතුවඅදහස් දක්වා තිබුණා.

READ:   දෙසැම්බරයේ රට පුරා වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්