Tuesday, July 28, 2026
Homeදේශීයපාර්ලිමේන්තුව තව සුළු මොහොතකින් රැස්වීමට නියමිතයි

පාර්ලිමේන්තුව තව සුළු මොහොතකින් රැස්වීමට නියමිතයි

මෙරට නව වන පාර්ලිමේන්තුවේ තුන් වන සැසිවාරය විශේෂ පාර්ලිමේන්තු සැසිවාරක් ලෙස අද (03) ආරම්භ වීමට නියමිතයි.

අභිනව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත වන අතර ජනාධිපතිවරයා අද පෙ.ව 9.55 ට පමණ රතු පලස මතින් පාර්ලිමේන්තු වෙත පිවිසීම සිදුවෙනවා. පෙ.ව 10.00 ට කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ බාලිකාවියන් විසින් ජය මංගල ගාථා සජ්ඣායනය කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු ප්‍රධාන දොරටුවෙන් ( තඹ දොරටුව ) ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ගර්භය වෙත පිවිසීම සිදුවන අතර පාර්ලිමේන්තුවට පිවිසීමෙන් ජනාධිපතිවරයා කතානායකවරයාගේ ආසනයේ අසුන් ගැනීමට නියමිතයි.

ජනාධිපතිවරයා විසින් 10.30 ට පමණ රාජාසන කතාව ඉදිරිපත් කිරිම සිදු කරන අතර ඒ අනුව අද පාර්ලිමේන්තු සැසි වාරය අති විශේෂ සැසිවාරයක් බවට පත්වනවා.

මේ වන විටත් ජනමාධ්‍යවේදීන්, රාජ්‍ය නිලධාරීන් තානාපතිවරුන්… ආදී විශාල රාජ්ය නිලධාරීන් පිරිසක් පාර්ලිමේන්තුව සමීපයට එක්ව සිටින අතර ආරකෂක අංශයන් විසින් පාර්ලිමේන්තුව හා පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කර තිබෙනවා.

READ:   වැඩ බලන ජනපතිගෙන් ජනතාවට සහන
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්