Thursday, April 30, 2026
Homeදේශීයඅපි අපිටම කරගත් ජාතික අපරාධ

අපි අපිටම කරගත් ජාතික අපරාධ

මතකද මෙයා…..

නම…. ටානියා වැන්හියර්
උපන්නේ 1970 දෙසැම්බර් 30 වැනිදා
ශ්‍රී ලංකාවේදී…..

1980 දශකයේදී ලක්බිමෙහි දිදුල ක්‍රීඩා තරුවක්…..
ඇය ඒ සන්දියේ ලාබාල පාසැල් ශිෂ්‍යාවක්

1986 වසරේ වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩානගනයේ පැවති 13 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේදී කාන්තා මීටර් 400 තත්පර 55.89 කට දුවන ටානියා ශ්‍රී ලංකා ජාතික වාර්තාව පිහිටුවනවා
එම වසරේම පැවති ජාතික පාසැල් ක්‍රීඩා උළෙලේදී වයස අවුරුදු 18 න් පහළ බාලිකා මීටර් 200 ඉසව්ව තත්පර 24.8 කින් නිම කරලා ටානියා තබපු ජාතික කණිෂ්ඨ වාර්තාව 2018 දී ෂෙලින්ඩා පැන්සන් විසින් බිඳ හෙළන තුරු වසර 32 ක් අඛණ්ඩව පැවතුණා.

ඒත් ටානියාගේ මේ දස්කම් අපේ රටේ ක්‍රීඩා බලධාරීන්ට වටිනාකමක් වුණේ නෑ. ඔවුන් ඒවා තඹ දොයිතුවකට මායිම් කළෙත් නෑ……

මේ ගැන හොඳටම කළකිරෙන ඇගේ පියා පුංචි ටානියාවත් සිය පවුලමත් අරගෙන 1987 දී ඕස්ට්‍රේලියාවට යනවා.

ඵහේදීත් මේ දක්ෂ කෙල්ල නිකම් හිටියේ නෑ……
1988 දී ඇය වයස අවුරුදු 20 න් පහළ බාලිකා මීටර් 100, 200, 400 ඉසව් ත්‍රිත්වයේම ඕස්ට්‍රේලියානු ශූරිය බවට පත් වෙනවා.

1998 වසරේ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් කාන්තා මීටර් 4×100 හා 4×400 ඉසව්වලින් දිවිත්ව රන් පදක්කම් දිනන ටානියා වැන්හියර් මීටර් 100 තනි ඉසව්වේ ලෝකඩ පදක්කමත් දිනා ගන්නවා.
හොඳම වැඩේ තමයි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එදා තරග වැදුණු ක්‍රීඩිකාවන් සියළු දෙනාම මේ
“ඕස්ට්‍රේලියානු ටානියා වැන්හියර්”හමුවේ පරාජයට පත්වී තිබීම.
1999 වසරේ Maebashi නුවර පැවති ලෝක ශූරතා ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේදී තවත් රිදී පදක්කමක් ඕස්ට්‍රේලියාවට දිනා දෙන්නත් අපෙන් ගිය ටානියා සමත් වුණේ එරට ජාතික වාර්තාවද පිහිටුවමින්……

ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි 06 කදීම ප්‍රබල ඕස්ට්‍රේලියාව නියෝජනය කර තිබෙන ටානියා තරග වැදුණු ඉසව්වලදී තම පෞද්ගලික ජීවිතයේ වාර්තා කර ඇති හොඳම තරග නිමි කාලයන් මෙසේයි.
මීටර් 100 – තත්පර 11.29
මීටර් 200 – තත්පර 22.42
මීටර් 400 – තත්පර 51.28
මීටර් 800 – මිනිත්තු 2.06.83
බලන්න මේ තරග කාලයන් අද තිබෙන ශ්‍රී ලංකා ජාතික තරග වාර්තාවලට පවා බොහොම සමීපයි.
ඒත්…. ටානියා මේ වාර්තා සියල්ලම තබා තිබෙන්නේ මීට දශක දෙකකටත් වඩා පැරණි අතීතයේදී……

READ:   ප්‍රබල ඉන්දියාව පරදා පාකිස්තානය විශිෂ්ට ජයක් වාර්තා කරයි

එහෙනම්…..
දැන් පැහැදිලියි නේද
බලධාරීන්ගේ උද්දච්චකම් නිසා ඔවුන් එදා අහිමි කරගෙන තියෙන්නේ තවත්
සුසන්තිකා ජයසිංහ
දමයන්ති දර්ශා
ජයමිණි ඉලේපෙරුම කෙනෙක් බව…..
මතක තියා ගන්න
ටානියා ශූරියක් ලෙස මතු වුණේ මේ සියළු දෙනාටම කළින් බව…….

එහෙනම්…..
එදා අපි අහිමි කරගෙන තිබුණේ
ක්‍රීඩාවෙන් ලංකාවට පෑදුණු තවත්
“පදක්කම් උල්පතක්” බව……

ඒකයි මුලින්ම කිව්වේ
අපි අපටම කර ගත්තු
“ජාතික අපරාධයක්” කියලා…….

උපුටා ගැනීමකි…

Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්