Thursday, April 23, 2026
HomeදේශීයIMF සමඟ එකඟතාවය කල් යයි - රනිල් වික්‍රමසිංහ

IMF සමඟ එකඟතාවය කල් යයි – රනිල් වික්‍රමසිංහ

Iජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ලබා ගැනීම සඳහා මෙරට සහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර වන එකඟතාවය ලබන සැප්තැම්බර් දක්වා කල් දැමීමට සිදුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

තමන් අගමැතිව සිටිය දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කළ සාකච්ඡාවන්ට අනුව අගෝස්තු මුල් සතිය තුළ දී මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම් ගතවීම සඳහා එකඟතාවයට පැමිණීම තම අපේක්ෂාව වූ බවත් එහෙත් ඉන්පසුව රට තුල ඇතිවූ නොසන්සුන්තාව හා දේශපාලන අස්ථාවරභාවය මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණීම ප්‍රමාද වී ඇති බවත් ජනාධිපතිවරයා පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවයක් නොමැතිව අනිකුත් පාර්ශවයන් විසින් මුදල් ලබා නොදෙන බවයි එතුමන් අවධානය කර සිටියේ.

ඊයේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවැති හමුවකදී එතුමන් මේ බව ප්‍රකාශ කර සිටියා.

READ:   චැනල් ෆෝ චෝදනා ගැන හොයන්න විශේෂ කමිටුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්