Tuesday, September 15, 2026
Homeදේශීයඩෑන් ප්‍රියසාද් සොහොයුරාගේ ඝාතනය කෙරේ

ඩෑන් ප්‍රියසාද් සොහොයුරාගේ ඝාතනය කෙරේ

නව සිංහලේ ජාතික සංවිධායනයේ සභාපතිවරයා වන ඩෑන් ප්‍රියසාද් ගේ සහොයුරා පෙරේදා (25) ඝාතනයට ලක්ව තිබුණා. වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත ගුවන්පාලම අසලදී වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. ඝාතනයෙන් මිය ගොස් ඇත්තේ මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි 34 හැවරිදි ප්‍රකාශ් තිළිණ නැමැති පුද්ගලයකු බවයි පොලිසිය ප්‍රකාශ සඳහන් කර සිටියේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයා මිනීමැරීමට තැත්කිරීම ඇතුළු අපරාධ කිහිපයක් සඳහා චෝදනා ලබා සිටි පුද්ගලයෙකු වන බවත් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධ ආරවුලක් මෙම ඝාතනයට හේතුව වන්නට ඇති බවත් පොලිසිය සැක පළ කරනවා. වැල්ලම්පිටිය පොලිසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

READ:   නිහාල් වෙදආරච්චි අත්තඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්