Monday, September 14, 2026
Homeදේශීයබණ්ඩාරනායක පිළිරුවට අසළට යෑම වළැක්වීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිට සිතාසි

බණ්ඩාරනායක පිළිරුවට අසළට යෑම වළැක්වීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිට සිතාසි

ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අසලට පිරිස පැමිණීම වළක්වන ලෙසට පසුගිය 22 වැනිදා කළ ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත සිතාසි යැවීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (26 දා) නියෝග කළේය.

පොදු ස්ථානයක පිහිටි එකී පිළිරුව අසලට පිවිසීමට ජනතාවට ඉඩ නොදීම අයුතු සහගත ක්‍රියාවක් බව පෙන්වා දෙමින් නීතිඥවරුන් පිරිසක් කළ ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා බුද්ධි තොරතුරු වාර්තා උපුටා දක්වමින් එකි පිළිරුවට යම්කිසි පිරිසක් හානි කිරීමේ සුදානමක් පවතින බවට කළ ඉල්ලීමක් සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත්වරයා එකී පිළිරුව අසල සිට මීටර් 50 ක සීමාවකට ජනතාව ඇතුළුවීම වළක්වමින් පසුගිය 22 වැනිදා නියෝගයක් නිකුත්කර තිබිණි.

උපුටගැනීම – දිවයින පුවත්පත

ඒ. ජේ. ඒ. අබේනායක

READ:   ඉන්ධන හිඟය ගැන ඇමතිගෙන් නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්