Tuesday, September 15, 2026
Homeදේශීයරුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නාවල්නි (Alexei Navalny) කෝමා තත්ත්වයට

රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නාවල්නි (Alexei Navalny) කෝමා තත්ත්වයට

රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නාවල්නි (Alexei Navalny) කෝමා තත්ත්වයට පත්ව තිබෙනවා ඒ, හදිසි අසනීප තත්ත්වයක් හමුවේ රෝහල්ගත කිරීමෙන් අනතුරුවයි. 

විෂ ශරීරගතවීමක් හේතුවෙන් ඇලෙක්සි නාවල්නි ඊයේ මෙලෙස රෝහල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විපක්ෂ නායකවරයා ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නිරත වි සිටින බවත්, ඔහුගේ දිවි බේරා ගැනීම සඳහා මහත් ප්‍රයත්නයක් දරමින් සිටින බවත් ඔහුගේ වෛද්‍යවරුන් සඳහන් කර ඇත. රුසියාවේ මොස්කව් නුවර බලා ගුවන් යානයකින් එමින් සිටිය දී විපක්ෂ නායක ඇලෙක්සි නාවල්නි මෙලෙස හදිසියේ රෝගාතුර වී ඇතැයි තොරතුරු වාර්තාවනවා.

ඒ හේතුවෙන් ඔහු ගමන් කළ ගුවන් යානය ඔම්ස්ක් ගුවන්තොටුපළ වෙත හදිසියේ ගොඩ බෑමට ගුවන් නියමුවන් පියවර ගත්තා.

READ:   සුදානමකින් තොරව කෝප් කමිටුවට ආවාට ක්‍රීඩා කටයුතු සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට කෝප් එකෙන් දොස් 
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්