Wednesday, November 11, 2026
Homeදේශීයසමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද මාතරදී විවෘත කෙරේ

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද මාතරදී විවෘත කෙරේ

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට නියමිතය.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව, මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය අද පෙරවරු 9.00ට මාතර, අංක 31, රහුල මාවතේදී පැවැත්වීමට නියමිතය.

දේශීය අර්තාපල්, ලූනු, ධාන්‍ය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් සැපයීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

මෙම මධ්‍යස්ථානය හරහා වෙළෙඳුන්ට මෙන්ම පාරිභෝගිකයන්ට ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් ලබාගැනීමට අවස්ථාව සැලසීම අපේක්ෂා කෙරේ.

මූලාශ්‍රය: වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය – 2026.11.09 දිනැති මාධ්‍ය නිවේදනය.

READ:   BREAKING NEWS: අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් 07දෙනා රිමාන්ඩ්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්