Friday, September 11, 2026
Homeදේශීයපසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත...

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

තම සංස්කෘතික අනන්‍යතාව යටතේ ජීවත්වීම කිසිසේත් බිය ගෙන දෙන්නක්

නොවිය යුතුයි

  • ජනපති අවධාරණය කරයි

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව හේතුවෙන් සමාජය තුළ අනාරක්ෂිත බවක් හෝ බියක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම සහ ඔවුන්ගේ මානසික ආරක්ෂාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

දේශපාලනික වශයෙන් ක්‍රියාත්මක වන ජාතිවාදී ධාරාවන්ගේ සහ අභ්‍යන්තර ගැටුම්වල ස්වභාවය නිවැරදිව වටහාගෙන, නැවත ජාතිවාදී ගැටුම් ඇතිවීම වැළැක්වීම සියලුදෙනාගේ වගකීම බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය සමග හමුවකට අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමක් ඇති වීමට ඉඩ නොතැබු බව සඳහන් කළ ජනාධිපතිවරයා  වංචා දූෂණ සම්බන්ධයෙන් හෝ නීතියේ විධානයේ ආධිපත්‍ය සම්බන්ධයෙන් වත්මන් රජයට කිසිදු චෝදනාවක් එල්ල කිරීමට නොහැකි වී ඇති බැවින්, ඇතැම් කණ්ඩායම් ජාතිවාදය පදනම් කර ගනිමින් ආණ්ඩුවට චෝදනා එල්ල කරමින් සිටින බවද පෙන්වා දුන්නේය.

රටේ සහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නායකයෝ ඒ වෙනුවෙන් සිය පුර්ණ සහාය ලබා දෙන බව ප්‍රකාශ කළහ.විශේෂයෙන් තරුණ පරපුර මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් මුදා ගැනීමට ක්‍රියාත්මක “රටම එකට” ජාතික වැඩසටහන සහ දූෂණය පිටුදැකීමේ වැඩපිළිවෙළ මෙහිදී ඇගයීමට ලක් විය.

පසුගිය වසර දෙක ජාතිවාදී ගැටුම් නොමැති වසර දෙකක් බවට පත් කිරීම වෙනුවෙන් රජයට සිය ප්‍රසාදය පළ කළ එම නියෝජිතයෝ  එහෙත්, තවමත්  සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පාලකයන්ගේ ක්‍රියාකලාපයන් සහ තීරණ ප්‍රශ්න කිරීමට, ජනතාවට ඇති පූර්ණ අයිතිය වත්මන් රජය පිළිගන්නා බවත්, එසේ වුවද,  ජාතීන් අතර වෛරය ඇතිවන ආකාරයේ ප්‍රකාශ කිරීමට හෝ සමාජය තුළ වෛරය වැපිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බව ජනාධිපතිවරයා  අවධාරණය කළේය. -pmd

READ:   රෝහිත කෝප් කමිටුවේ සභාපති ධුරයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්