Thursday, September 3, 2026
Homeදේශීයනැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා අක්‍රමිකතා රැසක් පවතිනවා -...

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා අක්‍රමිකතා රැසක් පවතිනවා – විපක්ෂ නායක

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය කරන ඉංජිනේරුවන්, තාක්ෂණ නිලධාරීන් පෙන්වා දෙන බවත් නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ වැඩ 20-22 ජනවාරි මාසයේ පටන් ගත්තත් එය 2025 ජනවාරි 3 අවසන් වීමට නියමිතව තිබුණත් අද සිට තවත් වසර එකහමාරක් ගියත් මේ වැඩ අවසන් කරන්න නොහැකි වන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ ව්‍යාපෘති සහ ඉදිකිරීම් සම්බන්ධයෙන් එහි ඉංජිනේරුවරුන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡාවක් අතරතුරය.

මේ සිදුවීම ගැන අනාවරණය වන තොරතුරුවලට අනුව දැනට මේ වැඩකටයුතු ක්‍රියාත්මක වන ආකාරය ගැන බරපතළ ප්‍රශ්න හා ගැටලු ඇති බවත් ව්‍යාපෘති කළමනාකරණ ඒකකයත් උපදේශක කණ්ඩායමත් ආකාර 2ක කටයුතු කරන්න ඕන නමුත් මේ ඉංජිනේරුවන් මේ කොට්ඨාස 2ටම සේවය කරන පුද්ගලයන් බවට පත්වීම නිසා අපක්ෂපාතීත්වය සම්බන්ධ ගැටලු නිර්මාණය වී ඇති බවත් තමන් ගන්නා තීන්දු නිවැරදිද වැරදිද කියා තමන්ම ගන්නා තැනට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සිදුවන සංවර්ධන ක්‍රියාදාම ස්වාධීනව ප්‍රත්‍යක්ෂවීමක් සිදුවිය යුතු වුවත් එවැනි දෙයක් සිදු නොවන බවත් ලබැදියාවේ ගැටුමක් තුළ මේ ක්‍රියාව සිදුවන බවත් මේ නිසා ව්‍යාපෘතියේ විනිවිදභාවය ගැන බරපතළ ගැටලු රැසක් ඇති නිසා වරාය ඇමතිවරයා මේ ගැන සොයා බැලිය යුතු බවත් මෙතරම් සුවිශාල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන නමුත් ව්‍යාපෘති ස්ථිර අධ්‍යක්ෂවරයකු තවමත් නොමැති බවත් 2025 ජනවාරි 3 වැනිදාට අවසන් වීමට යෙදුනු මේ ව්‍යාපෘතිය දීර්ඝ කාලයක් යාමට සිදුව ඇති බවත් දැනට 3 වතාවක් දීර්ඝ කර ඇති බවත් මේ එකදු දීර්ඝ කිරීමකට කැබිනට් අනුමැතියක්වත් ලබා ගෙන නොමැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අනාවරණය කළේය.

සමහර ගෙවීම් ආදිය රහසේම සිදු කිරීම, අයවිය යුතු ගෙවීම් ඉවත් කිරීම, නිරන්තරයෙන්ම මූලික ගෙවීම් සිදු කරමින් ආයතනයට හා රටට නොනැවතී සිදුවන අලාභයක් නිර්මාණය වන බවත් මෙය සැකසහිත බවත් මේ වන විට කාලය දීර්ඝ කිරීමේ 3 වැනි අදියර 2026 ජුලි 7 අවසන් බවත් 4 වැනි අදියරට පවා වරාය අධිකාරියේ අනුමැතිය නොමැතිව සිදුවන බවත් ගෙවීම් කටයුතු අනුමැතියෙන් තොරව සිදුවීම ගැන ගැටලුවක් බවත් දැනට ගෙවීම් පවා අනීතික බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

READ:   Spring Meeting 2023 ඇමතීමට ශ්‍රී ලංකාව සූදානම්

එමෙන්ම මේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මානව සම්පත බදවා ගත්තේ තරගකාරී ක්‍රමවේදය මත බවත් ඒ සඳහා කළමනාකරණ සේවා චක්‍රලේඛ 2019 උපයෝගී කර ගෙන ඇති බවත් මොවුන්ගේ වැටුපේ කිසිදු යාවත්කාලීන කිරීමක් සිදු කර නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. -SJB MEDIA

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්