Thursday, July 30, 2026
Homeදේශීයවිපක්ෂ නායක US නියෝජිත මන්ත්‍රී මණ්ඩල දූත පිරිසක් කොළඹදී හමුවෙයි!

විපක්ෂ නායක US නියෝජිත මන්ත්‍රී මණ්ඩල දූත පිරිසක් කොළඹදී හමුවෙයි!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික සහ මන්ත්‍රී මණ්ඩල බුද්ධි කමිටුවේ සාමාජික (Member of the Democratic Party, member of the House of Representatives and member of the house intelligence committee) ක්‍රිසි හවුලාහන් මහත්මිය සහ ඇයගේ දූත පිරිස කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී හමුවිය.

මෙම හමුවේ දී ආර්ථික සහයෝගීතාව, පාලනය, අධ්‍යාපනය සහ කලාපීය ස්ථාවරත්වය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතියට සහ දිගුකාලීන සංවර්ධනයට සහාය වීම සඳහා අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇමෙරිකානු එක්සත් ජනපද දූත පිරිස හමුවේ අවධාරණය කළේය.

දෙරට අතර දිගුකාලීන හවුල්කාරිත්වය පිළිබිඹු කරමින් පසුගිය කාලයේ ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය කෘතඥතාව පළ කළේය. එසේ ම දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාලන සමයේ දී ලබා දුන් කෝටා ප්‍රවේශය ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය පුළුල් කිරීමට, රැකියා උත්පාදනය කිරීමට සහ අපනයන ආදායම් වැඩි කිරීමට සැලකිය යුතු ලෙස දායක වූ බව සඳහන් කරමින් ඔහු ඇඟලුම් අංශය ගැන විශේෂයෙන් මෙහි දී සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ ඇගලුම් අංශයේ සංවර්ධනයට සහාය වීමේ දී එක්සත් ජනපදය ඉටු කළ වැදගත් කාර්යභාරයට ඔහු මෙහි දී සිය කෘතඥතාව පළ කළේය.

ගුවන් හමුදා ප්‍රවීණයෙකු සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික සහ මන්ත්‍රී මණ්ඩල බුද්ධි කමිටුවේ (Member of the Democratic Party, member of the House of Representatives and member of the house intelligence committee) සාමාජිකාවක් වන එක්සත් ජනපද නියෝජිත ක්‍රිසි හවුලාහන් මහත්මිය ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්, ආර්ථික ස්ථාවරත්වය සහ ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩ සම්බන්ධතාව සඳහා එක්සත් ජනපදයේ කැපවීම නැවත වරක් මෙහි දී තහවුරු කළේය.

READ:   සනත් නිශාන්තට දිවි අහිමි කළ රිය අනතුර සැක බවට බිරිය ගෙන් CIDයට පැමිණිල්ලක්

ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීම, විනිවිදභාවය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම, අධ්‍යාපනයට ප්‍රවේශය පුළුල් කිරීම සහ ශ්‍රී ලංකාවේ ජනතාවට තිරසාර ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම ඇතුළු සැවොම බෙදා ගත් ප්‍රමුඛතා පිළිබඳව ද දෙපාර්ශ්වය මෙහි දී වටිනා අදහස් රැසක් හුවමාරු කර ගත්හ.

දෙරටේම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර සහයෝගීතාව ඉදිරියේ දී තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් රැස්වීම අවසන් විය.-OPPOSITION LEADER MEDIA

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්