Wednesday, July 15, 2026
Homeදේශීයආර්ථිකේට රටවිරුවෝ දෙන දායකත්වේ ගැන මහින්ද ජයසිංහ කියයි.

ආර්ථිකේට රටවිරුවෝ දෙන දායකත්වේ ගැන මහින්ද ජයසිංහ කියයි.

ජාතික ආර්ථිකය තවදුරටත් ස්ථාවර කිරීමේ ක්‍රියාවලියේදී විදෙස්ගත ශ්‍රමිකයින් ලබාදෙන දායකත්වය අතිශය වැදගත් බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ පැවති විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දූ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සමත් සිසුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට සහාය වීමේ අරමුණින් මෙම වැඩසටහන ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සංවිධානය කර තිබිණි.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වසරේ මුල් මාස පහ අවසන් වන විට පමණක් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 04කට ආසන්න ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇති බවයි.

එය පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව සියයට 26ක වර්ධනයක් බවද ඔහු පෙන්වා දුන්නේය.

READ:   පැරණි පෙම සොයා පැමිණි තරුණයෙක් එක් දරු මවකට වෙඩි තබා, සියදිවි නසා ගනී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්