Tuesday, June 30, 2026
Homeදේශීයශ්‍රී ලාංකික කාන්තාවකට ආසියා-පැසිෆික් කලාපයේ විශේෂ ජාත්‍යන්තර ඇගයීමක්

ශ්‍රී ලාංකික කාන්තාවකට ආසියා-පැසිෆික් කලාපයේ විශේෂ ජාත්‍යන්තර ඇගයීමක්

ප්‍රවීනා පෙරේරා ශ්‍රී ලංකා දැන්වීම් හා සන්නිවේදන ක්ෂේත්‍රයට ජාත්‍යන්තර ගෞරවයක් දිනා දෙමින්, Campaign Asia-Pacific විසින් ප්‍රකාශයට පත් කරන 2026 “40 Under 40” ලැයිස්තුවට ඇතුළත් වූ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව බවට පත්ව තිබේ.

MullenLowe Group Sri Lanka හි Associate Vice President සහ Client Services Director ලෙස කටයුතු කරන ප්‍රවීනා පෙරේරා, අලෙවිකරණය, මාධ්‍ය, තාක්ෂණය සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ ආසියා-පැසිෆික් කලාපයේ නැගී එන බලගතු තරුණ නායකයින් 40 දෙනා අතරට තේරී පත්ව ඇත.

මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් ප්‍රවීනා පෙරේරා සඳහන් කළේ, මෙය තම වෘත්තීය ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවත්, ශ්‍රී ලංකාවේ තවත් කාන්තාවන් නායකත්ව භූමිකාවන් වෙත යොමුවීමට මෙය දිරිගැන්වීමක් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්ය.

ඇය මේ වන විට Unilever Sri Lanka සන්නාම 27ක කළමනාකරණය භාරව කටයුතු කරන අතර, ඇයගේ නායකත්වය යටතේ MullenLowe Sri Lanka සමාගම Campaign Agency of the Year Awards 2025 හි Creative Agency of the Year සම්මානයද දිනාගෙන තිබේ.

MullenLowe Group Sri Lanka හි විධායක සභාපති Thayalan Bartlett පැවසුවේ, ප්‍රවීනාගේ නායකත්වය, ව්‍යාපාරික දක්ෂතාව සහ කැපවීම මෙම ජාත්‍යන්තර ඇගයීමට සම්පූර්ණයෙන්ම සුදුසු බවයි.

මෙවර Campaign Asia-Pacific 40 Under 40 ලැයිස්තුවට ආසියා-පැසිෆික් කලාපයේ රටවල් 14ක් නියෝජනය කරන තරුණ වෘත්තිකයින් 40 දෙනෙකු ඇතුළත් වූ අතර, ප්‍රවීනා පෙරේරාගේ මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ සන්නිවේදන සහ දැන්වීම් ක්ෂේත්‍රයට ජාත්‍යන්තර මට්ටමේ ලැබුණු වැදගත් පිළිගැනීමක් ලෙස සැලකේ.

READ:   දේශබන්දුට පහරදුන් පිරිස හඳුනාගැනීමට පොලිසිය ජනතා සහය පතයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්