Friday, June 26, 2026
Homeදේශීයපොහොට්ටුවේ 8කට නොතීසි

පොහොට්ටුවේ 8කට නොතීසි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික ඇතුළු එම පක්ෂයේ 8 දෙනකුට ජූලි මස 31 දින නුවරඑළිය දිසා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නුවරඑළිය දිසා අධිකරණයේ මහේස්ත්‍රාත් ලංකාගනී ප්‍රබුද්ධිකා මෙණෙවිය විසින් ඊයේ (25) නොතීසි නිකුත් කර ඇත.

තලවකැලේ ලිදුල නගර සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කළ ඔරුකද ලියනගේ අසංක සම්පත් පීරිස් 17 දින සිට ධුරයෙන් ඉවත් කළ බව ජූනි 17 දින නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශ කර ඇත. ඒ සම්බන්ධයෙන් තමාට අසාධාරණයක් සිදු වී ඇති බව අසංක සම්පත් පීරිස් විසින් නුවරඑළිය දිසා අධිකරණයේ ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය එම නියෝගය කර තිබේ. අධිකරණය වෙත පෙත්සම ඉදිරිපත් කරමින් අසංක සම්පත් පීරිස් මහතා කියා සිටියේ, 2025.06.18 දින එම නගර සභාවට සභාපතිවරයකු සහ උප සභාපතිවරයකු තොරා පත්කර ගැනීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ තමන්ට සභාව තුළ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ලිඛිතව හෝ වාවිකව කිසිදු උපදෙසක් ලබාදී නැති බවයි. එබැවින් තමන් ස්වාධීනව කටයුතු කිරීම හමුවේ මෙවැනි විනය පරීක්ෂණයක් පවත්වා තමන්ව මෙසේ පක්ෂයෙන් නෙරපා හැරීම අසාධාරණ බව ඔහු සඳහන් කර ඇත.

නෝර්වුඩ් සමූහ රංජිත් රාජපක්ෂ

උපුටා ගැනීම: දිනමිණ

READ:   කොග්ගල වෙළඳ කලාපයේ ආහාර විෂ වීමක් - 300 කට අධික පිරිසක් රෝහලට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්