Saturday, April 25, 2026
Homeදේශීයරට තුල යළිත් කොවිඩ් අවධානමක්

රට තුල යළිත් කොවිඩ් අවධානමක්


     නව කොවිඩ් ප්‍රභේදයන් තවදුරටත්  මතුවීම හේතුවෙන් නැවත වරක් ශ්‍රි ලංකාව තුල කොව්ඩ් වෛරසය පැතිරයාමේ අවධානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.
රට තුල පළමු එන්නත ලබාගත් අවුරුදු විස්සට වැඩි පිරිස 97 % ක් වන සැලකිය යුතු  ප්‍රතිශතයක් වුවත් පළමු බූස්ටර් මාත්‍රාව  ලබාගත් පිරිස වන්නේ ජනග්‍රහනයෙන්  මිලියන 7.9 ක් පමණ වන අඩු ප්‍රතිශතයක් බව වෛද්‍යවරයා ප්‍රකාශ කර සිටිනවා. කෙසේ වෙතත් පුද්ගලයෙක් කොවිඩ් වෛරසයෙන් මිදීම සඳහා එන්නත් මාත්‍රා හතරම ලබා ගැනිම අත්‍යවශ්‍ය කාරණයක් වන බව එතුමන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

READ:   අවුරුදු 12-15 අතර ළමුන්ගේ එන්නත්කරණය සිකුරාදා ඇරඹේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්