Thursday, June 18, 2026
Homeදේශීයපාස්කු දින ප්‍රහා­ර­යට අල්ලන්න එපා යැයි ඉල්ලූ ගෝඨා­භ­යගේ පෙත්සම අද කැඳ­වයි

පාස්කු දින ප්‍රහා­ර­යට අල්ලන්න එපා යැයි ඉල්ලූ ගෝඨා­භ­යගේ පෙත්සම අද කැඳ­වයි

පාස්කු දින ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනත යටතේ තමන් අත්අ­ඩං­ගු­වට ගැනීම හා රැඳ­වුම් නියෝ­ගය යටතේ රඳ­වා­ගෙන ප්‍රශ්න කිරීම වළ­කා­ලන ආඥා­වන් නිකුත් කර­න්නැයි ඉල්ලා හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සම් විභා­ග­යෙන් අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉවත් විය.

‘චැනල් ෆෝ’ නාලි­කා­වෙන් හෙළි කළ තොර­තුරු මත පාස්කු දින ප්‍රහාර සිද්ධිය සම්බ­න්ධ­යෙන් කුමන මොහො­තක හෝ තමන් අත්අ­ඩං­ගු­වට ගැනීමේ හා රැඳ­වුම් නියෝග යටතේ රඳ­වා­ගෙන ප්‍රශ්න කිරීමේ අව­දා­න­මක් ඇතැයි කිය­මින් හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සම අභි­යා­ච­නා­ධි­ක­රණ සභා­පති විනි­සුරු රොහාන්ත අබේ­සූ­රිය සහ අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත විනි­සුරු මඬු­ල්ලක් හමුවේ සලකා බැලූ අව­ස්ථා­වේදී පෙත්සම් විභා­ග­යෙන් තමන් ඉවත් වන බව අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා දැනුම් දුන්නේය.

ඒ අනුව හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ගොනු කළ රිට් පෙත්සම අභි­යා­ච­නා­ධි­ක­ර­ණයේ සභා­පති විනි­සුරු රොහාන්ත අබේ­සූ­රිය සහ විනි­සුරු සරත් දිසා­නා­යක මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත විනි­සුරු මඬු­ල්ලක් හමුවේ අද (18) යළි සලකා බැලී­මට නිය­මි­තය.

නීතිඥ සනත් විජේ­ව­ර්ධන මහතා මඟින් හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා විසින් ගොනු­කර ඇති මෙම රිට් පෙත්සමේ වග­උ­ත්ත­ර­ක­රු­වන් වශ­යෙන් පොලි­ස්ප­ති­ව­රයා, අප­රාධ පරී­ක්‍ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ශානි අබේ­සේ­කර මහතා ඇතුළු පිරි­සක් නම්කර ඇත.

පාස්කු දින ප්‍රහාර සිද්ධිය සම්බ­න්ධ­යෙන් රටින් පිට­වීම වළ­කා­ලන නියෝ­ග­යක් තමන්ට එරෙ­හිව කොටුව මහේ­ස්ත්‍රා­ත්ව­රයා විසින් මීට පෙර අව­ස්ථා­වක නිකුත් කර ඇති බව ජන­මාධ්‍ය මඟින් තමන්ට තොර­තුරු ලැබුණු බව පව­සන පෙත්ස­ම්කරු මෙම තත්ත්වය යටතේ ‘චැනල් ෆෝ’ නාළි­කා­වෙන් හෙළිවූ තොර­තුරු මත පාස්කු දින ප්‍රහාර සිද්ධිය සම්බ­න්ධ­යෙන් කුමන මොහො­තක හෝ තමන් අත්අ­ඩං­ගු­වට ගැනීමේ සහ ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනත යටතේ එලෙස අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් අන­තු­රුව රඳ­වුම් නියෝග යටතේ රඳ­වා­ගෙන ප්‍රශ්න කිරීමේ අව­දා­න­මක් ඇති බවද සඳ­හන් කර ඇත. තමන් ජනා­ධි­ප­ති­ව­රයා වශ­යෙන් කට­යුතු කළ සමයේ අප­රාධ පරී­ක්‍ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ශානි අබේ­සේ­කර මහතා ව්‍යාජ සාක්ෂි නිර්මා­ණය කිරීමේ සිද්ධි­යක් මත අත්අ­ඩං­ගු­වට පත් අයකු බවත් පාස්කු දින ප්‍රහාර සිද්ධිය සම්බ­න්ධ­යෙන් පත්කළ ජනා­ධි­පති කොමි­සම ඔහුට එරෙ­හිව නිර්දේ­ශ­යක් කර ඇති බවත් සඳ­හන් කරන පෙත්ස­ම්කාර ගෝඨා­භය රාජ­පක්ෂ මහතා මෙවැනි තත්ත්වය යටතේ සාධා­රණ සහ අප­ක්ෂ­පාතී පරී­ක්ෂ­ණ­යක් ශානි අබේ­සේ­කර මහ­තා­ගෙන් බලා­පො­රොත්තු විය නොහැකි බවත් සඳ­හන් කර ඇත.

READ:   ජීවිත කාලයටම වරක් පමණක් දකින්න ලැබෙන Leonard වල්ගා තරුව මේ දිනවල අහසේ.

මෙවැනි තත්ත්ව­යක් යටතේ පාස්කු දින ප්‍රහාර සිද්ධිය සම්බ­න්ධ­යෙන් තමන් අත්අ­ඩං­ගු­වට පත්වු­ව­හොත් තමන්ගේ නිද­හස සීමා වන බවත් තමන්ගේ ස්වාභා­වික යුක්ත මූල­ධ­ර්මය කඩ­වන බවත් පව­සන පෙත්ස­ම්කරු පාස්කු දින ප්‍රහාර සිද්ධි­යට තමන් සම්බන්ධ බවට කිසිදු සාක්ෂි­යක් නොමැ­තිව තමන් අත්අ­ඩං­ගු­වට ගැනීම නීති විරෝධි බවද සඳ­හන් කර ඇත.

මෙම තත්ත්ව යටතේ පාස්කු දින ප්‍රහාර සිද්ධිය සම්බ­න්ධ­යෙන් තමන් අත්අ­ඩං­ගු­වට ගැනීම වළ­කා­ලන රිට් ආඥා­වක් නිකුත් කර­න්නැයි ඉල්ලා සිටින පෙත්ස­ම්කාර ගෝඨා­භය රාජ­පක්ෂ මහතා පාස්කු ඉරු­දින ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් පත් කළ ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු ජනක් ද සිල්වා මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් යුත් කමි­ටුව නිකුත් කළ වාර්තාව සහ ඊට අදාළ ලිය­කි­ය­විලි අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නියම කර­න්නැ­යිද ඉල්ලා සිටී.

පෙත්ස­ම්කාර ගෝඨා­භය රාජ­පක්ෂ මහතා වෙනු­වෙන් නීතිඥ සනත් විජේ­ව­ර්ධන මහ­තාගේ උප­දෙස් මත ජනා­ධි­පති නීති­ඥ­ව­රුන් වන අලි සබීර් සහ රොමේෂ් ද සිල්වා මහ­ත්වරු පෙනී සිටි­යහ. වග­උ­ත්ත­ර­ක­රු­වන් වෙනු­වෙන් අති­රේක සොලි­සි­ටර් ජන­රාල් ජනා­ධි­පති නීතිඥ ස්වර්ෂි හේරත් මහ­ත්මිය පෙනී සිටි­යාය.

උපුටාගැනීම: දිනමිණ

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්