Wednesday, June 17, 2026
Homeදේශීයපාස්කු ප්‍රහාරයට මාව අත්අඩංගුවට ගන්නෙපා.-ගෝඨාභයගෙන් පෙත්සමක්

පාස්කු ප්‍රහාරයට මාව අත්අඩංගුවට ගන්නෙපා.-ගෝඨාභයගෙන් පෙත්සමක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හා රැඳවුම් නියෝගය යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීම වළකාලන ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

‘චැනල් ෆෝ’ නාළිකාවෙන් හෙළි කළ තොරතුරු මත පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් කුමන මොහොතක හෝ තමන් අත්අඩංගුවට ගැනීමේ හා රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමේ අවදානමක් ඇතැයි කියමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇත.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මඟින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කර ඇති මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පතිවරයා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් රටින් පිටවීම වළකාලන නියෝගයක් තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මීට පෙර අවස්ථාවක නිකුත් කර ඇති බව ජනමාධ්‍ය මඟින් තමන්ට තොරතුරු ලැබුණු බව පවසන පෙත්සම්කරු මෙම තත්ත්වය යටතේ ‘චැනල් ෆෝ’ නාළිකාවෙන් හෙළිවූ තොරතුරු මත පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් කුමන මොහොතක හෝ තමන් අත්අඩංගුවට ගැනීමේ සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එලෙස අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමේ අවදානමක් ඇති බව ද සඳහන් කර ඇත.

තමන් ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සමයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ව්‍යාජ සාක්කි නිර්මාණය කිරීමේ සිද්ධියක් මත අත්අඩංගුවට පත් අයකු බවත් පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසම ඔහුට එරෙහිව නිර්දේශයක් කර ඇති බවත් සඳහන් කරන පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවැනි තත්ත්වය යටතේ සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් ශානි අබේසේකර මහතාගෙන් බලාපොරොත්තු විය නොහැකි බවත් සඳහන් කර තිබේ. මෙවැනි තත්ත්වයක් යටතේ පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට පත්වුවහොත් තමන්ගේ නිදහස සීමා වන බවත් තමන්ගේ ස්වාභාවික යුක්ත මූලධර්මය කඩවන බවත් පවසන පෙත්සම්කරු පාස්කු ප්‍රහාර සිද්ධියට තමන් සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නොමැතිව තමන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධි බව ද සඳහන් කර ඇත. මෙම තත්ත්වයන් යටතේ පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව නිකුත් කළ වාර්තාව සහ ඊට අදාළ ලියකියවිලි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කරන්නැයිද ඉල්ලා සිටියි.

READ:   හදිසියේ පානදුරේ මුස්ලිම් පල්ලි 23ක ආරක්ෂාව තර කෙරේ..

:උපුටා ගැනීම – දිනමිණ

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්