Saturday, June 13, 2026
Homeදේශීය​ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි

​ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ​අද (12) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත් විය.

file

මෙහිදී ආදිවාසී ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කළ අතර ආදිවාසී ජනතාවට තම පාරම්පරික ඉඩම් පරිහරණය කිරීමේදී ඇති වන දුෂ්කරතා පිළිබඳව ආදිවාසී නායකතුමන් මෙහිදී අග්‍රාමාත්‍යතුමිය දැනුවත් කළේය.

ආදිවාසී ජනතාවට බාධාවකින් තොරව පාරම්පරික ඉඩම් භුක්ති විඳීමට අයිතියක් ඇති බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය නීතිමය කටයුතු කඩිනමින් අවසන් කිරීමේ ඉදිරි කටයුතු සිදු කරන බවත් මෙහිදී අග්‍රාමාත්‍යතුමිය පැහැදිලි කළාය.

​මෑතකදී ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත්වූ හෙන්නානිගල ගම්වාසීන් සඳහා මෙතෙක් සහනාධාර නොලැබීම පිළිබඳව ආදිවාසී නායකයා කරුණු ඉදිරිපත් කළ අතර, අග්‍රාමාත්‍යතුමිය එම මොහොතේදීම අදාළ නිලධාරීන් දැනුවත් කර එම පවුල් සඳහා විධිමත් ලෙස සහන ලබා දීමටද පියවර ගත්තාය.

file

​දඹාන පාසලේ පවතින අඩුපාඩු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ අතර, ඒ පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බවද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැවසුවාය.

​අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

2026.06.12

file
file
READ:   පොලිස්පතිගේ සේවා දිගුව පාර්ලිමේන්තුවේ ඇවිලෙයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්