Monday, September 14, 2026
Homeදේශීය18 වැනිදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්

18 වැනිදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්

ගරු අග්‍රාමාත්‍යතුමියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව ලබන 18 වැනි බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.

පාර්ලිමේන්තුවේ එම විශේෂ රැස්වීම කැඳවීම, අංක 2466/33 යන 2025.12.12 දිනැතිව ගරු කථානායකවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව එදින පාර්ලිමේන්තුව පෙ.ව 9.30 ට රැස්වෙන අතර එම රැස්වීමට පැමිණ සහභාගිවන ලෙස ගරු කථානායකවරයා විසින් සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට දැනුම් දෙයි.

READ:   ඉන්ධන කෝටාව අද සිට ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්