Friday, July 24, 2026
Homeදේශීයමවක් දරු දෙදෙනා සමඟ චන්ද්‍රිකා වැවට පැනලා

මවක් දරු දෙදෙනා සමඟ චන්ද්‍රිකා වැවට පැනලා

සිය දිවි නසා ගැනීම සඳහා පුතුන් දෙදෙනා ද සමඟ ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවට ඊයේ (01) පනිනු ලැබූ මව රෝහලේදී ද බාල පුතා එම අවස්ථාවේදීම මිය ගොස් තිබේ.

චන්ද්‍රිකා වැවේ සොරොව්ව අසලින් ඇය සිය දිවි හානි කර ගැනීමට වැවට පැන ඇත්තේ පස් හැවිරිදි පුතා වඩාගෙන 11 හැවිරිදි පුතාව අතින් ඇදගෙන බව ඇඹිලිපිටිය පොලිසිය සඳහන් කරයි.

දියට වැටීමත් සමඟ 11 හැවිරිදි පුතා පිහිනා සොරොව්ව අසල බැම්මේ එල්ලී දිවි බේරාගෙන ඇති බවත් 5 හැවිරිදි පුතා දියේ ගිලී මිය ගොස් ඇති බවත් පොලිසිය කියයි. 32 හැවිරිදි වියේ පසුවන මව ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ.

මවගේ දිවි බේරා ගැනීමට පොලිස් ජීවිතාරක්ෂක අංශයේ නිලධාරීන් විසින් උත්සාහ දරා කෘත්‍රිම ශ්වසනය දෙමින් රෝහලට රැගෙන ගොස් තිබේ.

මෙසේ දරුවන් සමඟ චන්ද්‍රිකා වැවට පැන සිය දිවි හානි කර ගනු ලැබූ මව සූරියවැව සමාජසේවාපුර පදිංචිකාරියකි. සුරංගිකා මදුමාලි නමැති 32 හැවිරිදි එම මව සූරියවැව සිට ඇඹිලිපිටියට පැමිණ මේ අපරාධය කර ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඇගේ සැමියා කුලියට ගවයන් බලා ගැනීම සහ ගොවිතැන් කිරීම ජීවිකාව කර ගත් අයෙක් බව විමර්ශනවලින් අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඇය සිය දිවි හානි කර ගැනීමට මුල් වූයේ පවුල් ආරවුලක්ද? ආර්ථික ප්‍රශ්නයක්ද? එසේත් නැතිනම් වෙනත් මානසික ගැටලුවක්ද? යන්න පිළිබඳ විමර්ශන පවත්වන බව පොලිසිය සඳහන් කරයි.

ඇය මනෝවෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි තැනැත්තියක් බව ඇගේ ඥාතියෙක් විසින් ඒ බව පොලිසියට පවසා ඇති බවත් සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා සඳහන් කළේය. තමාට මිය යන්නට වුවමනා යැයි කියමින් ඇය ඉකුත් දින කිහිපය තුළ පවසමින් සිටි බව ද එම ඥාතියා සඳහන් කර ඇතැයි ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

ඒ සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කර විමර්ශන පැවැත්වෙන බවත් සිය දරුවා දියට දමා ඝාතනය කිරීමේ චෝදනාවත් අනෙත් දරුවා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාවත් ඇයට එල්ල වන බැවින් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගන්නා බව ඇඹිලිපිටිය පොලිසිය සඳහන් කළේය.

READ:   මිතුදම් වෙනුවෙන් අගමැති බංග්ලාදේශයට

ගයාන් කුමාර වීරසිංහ සහ ඇඹිලිපිටිය සේන වී. ගමගේ, උඩවලට සමූහ – බී.ඒ. උපුටා ගැනීම දිනමිණ

RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්