රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී පොලිස් රාජකාරියට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරිනු කාන්තාව ලබන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ ඇය අද (01) උඩුගම්පොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අදාළ සිද්ධිය සිදු වන අවස්ථාව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා.
පොලිසිය ප්‍රකාශ කර සිටියේ ඇය ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ නැගනිය බවට සිදු කරන ප්‍රකාශය අසත්‍යයක් බව අනාවරණය වූ බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලබා ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි කාන්තාවක් බවයි සඳහන් වන්නේ.
සමාජ මාධ්‍යයේ සංසරණය වූ වීඩියෝව පහතින්,


