Thursday, July 23, 2026
Homeදේශීයමහ නා හිමිවරුන්ගෙන් ජනපතිට විශේෂ ලිපියක්

මහ නා හිමිවරුන්ගෙන් ජනපතිට විශේෂ ලිපියක්

අස්ගිරි,.මල්වතු, රාමඤ්ඤ සහ අමරපුර යන සිව් නිකායන්ට අයත් මහ නා හිමියන්ගේ අත්සනින් යුතු විශේෂ ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබෙනවා.

රට තුල උද්ගතව ඇති ආර්ථික දේශපාලන අර්බුදය හමුවේ මහජනතාවගේ සාමන්‍ය ජන ජීවිතය පීඩාවෙන් මඟහරවා සුරක්ෂිත කරලීමට විනිවිද බාවයෙන් යුතු සාධනීය පියවර ගන්නා බවට ලිපියක් මගින් උන්වහන්සේලාට දැනුම් දුන්නද, එහි සඳහන් කරුණු සඳහා ප්‍රයෝගික තැකීමක් මෙතෙක් සිදු නොකර ඇති බවත්, සුපුරුදු ලෙස කටයුතු කිරිම පිලිකුල් සහගත වන බවත් මෙම ලිපියෙන් දන්වා තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි දෙවන සශෝදනය ක්‍රියාත්මක කර සැබෑ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා හැකි ඉක්මනින් ජන ජීවිතය සුරක්ෂිත කිරිමට පියවර ගතයුතු බව තවදුරටත් අවධාරණය කර තිබෙනවා.

READ:   ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනපතිට සියලු වරප්‍රසාද ලබාදෙනවා - ජනපති ලේකම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්