Wednesday, June 17, 2026
Homeවිදේශීයපාකිස්තාන ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් 3ක් මරුට

පාකිස්තාන ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් 3ක් මරුට

පාකිස්තානය විසින් ඇෆ්ගනිස්ථානයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දේශසීමාව අසල පාකිස්ථාන ගුවන් ප්‍රහාරයෙන් මියගිය 8 දෙනා අතර ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු සිටින බවයි ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය පැවසුවේ.

මෙලෙස මියගොස් ඇත්තේ කබීර්, සිබ්ගතුල්ලා සහ හරූන් යන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනායි.

ඔවුන් ක්‍රිකට් තරගයකට සහභාගී වී පක්ටිකා වෙත ගොස් යළි නිවසට පැමිණෙමින් සිටින අතරතුර මෙම ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

ප්‍රහාරයෙන් මියගිය අයට ගෞරව දැක්වීමක් වශයෙන් ශ්‍රී ලංකාව පාකිස්තානය සමග එළඹෙන නොවැම්බර් පැවැත්වීමට නියමිත තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වන බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනය පවසනවා.

READ:   ඉන්දීය වැඩිහිටියන්ගෙන් 75%ක් කොවිඩ් එන්නත සම්පූර්ණ කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්