Thursday, June 4, 2026
Homeදේශීයපරිපූරක වෛද්‍ය වෘත්තිකයින් අද වර්ජනයක: දේශපාලන කොන්ත්‍රාත්තුවක් නීතිය ක්‍රියාත්මක කරන්න - වෛද්‍ය...

පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් අද වර්ජනයක: දේශපාලන කොන්ත්‍රාත්තුවක් නීතිය ක්‍රියාත්මක කරන්න – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඉල්ලයි

සම සෞඛ්‍ය උපාධිධාරීන් සම්බන්ධ ගැටලුව ඇතුළු ඉල්ලීම් 5ක් මූලික කර ගනිමින් පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රසායනාගාර විද්‍යාඥ සේවාවේ සහ භෞතික චිකිත්සක සේවාවේ නිලධාරීන් අද (27) පෙරවරු 08 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් අසමත් වුණොත් වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් මෙම වර්ජනය දේශපාලන කොන්ත්‍රාත්තුවකට අනුව සිදුකරන එකක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසනවා.

රෝගීන් අපහසුතාවයට පත්කරන මෙම වැඩවර්ජනය සම්බන්ධයෙන් රජය මැදිහත්ව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

READ:   වැන්ගර් හමුදා නායකයාගේ මරණය ගැන ජනපති පුටින් ශෝකය පළ කරයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්