Friday, June 5, 2026
Homeදේශීයමිල සූත්‍රයට අනුව ඉන්ධන මිල තීරණය 24දා සිට

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල තීරණය 24දා සිට

ඉන්ධන මිල සම්බන්ධයෙන් හඳුන්වා දී ඇති මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ඉහළ හෝ පහළ යාම කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශ ලේකම් එම්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ මහතා පැවැසීය.

ලෝක වෙළඳපොලේ තෙල් මිල ඇතුළු තවත් සාධක කිහිපයක් සමාලෝචනය කිරීමෙන් පසු දෙසතියකට වරක් හෝ මාසිකව අදාළ මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සං‍ශෝධනය කරන බව අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.

ඉන්ධන මිල අවසන් වරට සංශෝධනය කරනු ලැබුවේ මැයි 24 වැනිදා වන අතර ජූනි 24 වැනිදාට ඉන්ධන මිල සං‍ශෝධනයට මාසයක් සැපිරේ.

පී.කේ. බණ්ඩාර – දිනමිණ

READ:   ඇමතිනිය සත්‍යය සොයා යයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්