Tuesday, July 21, 2026
Homeදේශීයදේශබන්දු තෙන්නකෝන් අද යළි අධිකරණයට: පස්වරුවේ විශේෂ තීරණයක්?

දේශබන්දු තෙන්නකෝන් අද යළි අධිකරණයට: පස්වරුවේ විශේෂ තීරණයක්?

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේවය අතිහිටවනු ලැබු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) යළි මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් අද පස්වරුවේදී මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් තීන්දුව ප්‍රකාශ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

2023 වසරේදී වැලිගම පැලෑන ප්‍රදේශයේදී සිදුවු වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දින 20ක කාලයක් සැඟව සිටිමින් ඊයේ (19) මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාර වුණා.

එහිදී ඔහු අද දිනය තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මාතර මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියා.

READ:   සාමකමි අරගලය ජය ස‍ැමර‍ෑ හැටි
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්