Wednesday, September 16, 2026
Homeදේශීයජනපති අනුරගේ උපන් දිනය අද

ජනපති අනුරගේ උපන් දිනය අද

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජන්ම දිනය අදට (24) යෙදී තිබෙනවා.

1968 වසරේ නොවැම්බර් මස 24 වන දින උපත ලැබූ අනුර කුමාර දිසානායක මහතා මේ වන විට 56 වන වියෙහි පසුවෙනවා.

තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලැබූ අනුර දිසානායක මහතා උසස් පෙළ හැදෑරීම සඳහා ඇතුළත් වන්නේ තඹුත්තේගම මධ්‍ය මහ විද්‍යාලයටයි.

උසස් පෙළ විද්‍යා ගණිත අංශයෙන් පෙනී සිට විශ්වවිද්‍යාල වරම් හිමිකරගන්නා ඒ මහතා 1992 වසරේදී කැළණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව 1995 වසරේදී එම විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබා ගෙන තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් මස 21 වැනි දින පැවැති ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයෙන් තරග කරමින් මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර දිසානායක මහතා තේරී පත් වුයේ බහුතර ජනතාවකගේ විශ්වාසය දිනා ගනිමින්.

READ:   සිව්දින සංචාරයක් සඳහා ජනපති අද චීනයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්