Wednesday, September 9, 2026
Homeදේශීය10 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද - කථානායක අශෝක රංවල??

10 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද – කථානායක අශෝක රංවල??

10 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද චාම් උත්සවාකාරයෙන් ආරම්භ කිරිමට නියමිතයි.

ඒ අනුව අද පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පළමුව කථානායකවරයා තෝරා පත් කර ගැනීම සිදු වෙනවා.

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා පත්කිරීමට ජාතික ජන බලවේගය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

කථානායකවරයා පත් කරගැනීමෙන් අනතුරුව කතානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම් දීමත් මන්ත්‍රීවරුන් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම් ලබා දීමත් නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත් කර ගැනීමත් සිදුවන බව සඳහන්.

පෙරවරු 11.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙවත් රාජාසන කථාව සිදුකිරීමට නියමිතයි.

READ:   මෝටර් රථ ආනයනය බදු ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල්කරණය පිළිබඳව ජනපති සහ මුදල් අමාත්‍යංශය අතර සාකච්ඡා
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්