Thursday, July 23, 2026
Homeදේශීයජොන්ස්ටන්ට රටින් පිටවීම තහනම්

ජොන්ස්ටන්ට රටින් පිටවීම තහනම්

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදෙස් ගමන් තහනමක් පැනවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (10) නියෝග කළා.

ඒ නීතිවිරෝධීව එක්ලස් කරන ලද ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ව්‍යාජ අංක තහඩුවක් යොදාගෙන භාවිතා කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්.

ඒ අනුව හිටපු අමාත්‍යවරයාට විදෙස් ගමන් තහනමක් පනවන ලෙස විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් හිටපු අමාත්‍යවරයාට මෙම විදෙස් ගමන් තහනම පනවා තිබෙනවා.

READ:   හැරී පොටර් චිත්‍රපට මාලාවේ රූබියස් හැග්‍රිඩි දිවිගමනට සමු දෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්