Monday, May 25, 2026
Homeදේශීය"පැනලා කෑ ගැහුවට වැඩක් නෑ රනිල්ගේ නලලේ කොටලා තියෙන්නේ පරාජය" - අනුර

“පැනලා කෑ ගැහුවට වැඩක් නෑ රනිල්ගේ නලලේ කොටලා තියෙන්නේ පරාජය” – අනුර

එදා රනිල් වික්‍රමසිංහට එරෙහිව මහින්ද රාජපක්ෂ කඳවුර දිනවිය යුතු බව ප්‍රකාශ කළ ප්‍රවිත්‍රා වන්නිආරච්චි අද රාජපක්ෂලා පරාද කිරීමට රනිල් වික්‍රමසිංහ දිනවිය යුතු යැයි පවසන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මහින්ද රාජපක්ෂ අප්පච්චි යැයි කෑ ගසා කියපු අය අද රනිල් වික්‍රමසිංහ අප්පච්චි යැයි කියන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඔවුන් මෙලෙස ප්‍රකාශ කරමින් හැසිරෙන්නේ ජනතාව වෙනුවෙන් නොව රනිල් වික්‍රමසිංහ දිනවා අමාත්‍ය ධුරයක් වරදාන වරප්‍රසාද තමන්ට ලබා ගැනීම සඳහා බව අනුර දිසානායක මහතා ප්‍රකාශ කළා.

ඊයේ (11) රත්නපුර ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසුවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර මහතා..

දිනන්නේ නෑ!! ඒ නිසා පචිත්‍රා අපරාදේ පැනලා කෑ ගැහුවට වැඩක් නැහැ.පරාජය රනිල් වික්‍රමසිංහගේ නලලේ කොටලා තියෙන්නේ මේ වෙලාවේ.

READ:   සැකකරුවන් 667ක් අත්අඩංගුවට.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්