Thursday, June 4, 2026
Homeදේශීයමගේ අම්මා කිව්වා, පුතේ උඹ ගිහිල්ලා රනිල් ජනාධිපති දිනවන්න වැඩ කරන්න කියලා - රෝහිත

මගේ අම්මා කිව්වා, පුතේ උඹ ගිහිල්ලා රනිල් ජනාධිපති දිනවන්න වැඩ කරන්න කියලා – රෝහිත

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු සහ කළුතර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට සහය දැක්වීමට පසුගියදා තීරණය කළා.

සිය පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත එම තීරණය ගත් බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

එහිදි මාධ්‍ය අමතමින් රෝහිත අබේගුණවර්ධන මහතා මෙලෙස අදහස් දක්වා සිටියා.

මගේ දේශපාලන සන්නාමය, මගේ දේශපාලන නායකයා වෙන කවුරුත් නෙවෙයි මහින්ද රාජපක්ෂ.මම මහින්ද රාජපක්ෂ ට කරන්නේ අසීමිත ආදරයක්.

මගේ දේශපාලන ගුරුවරයා බැසිල් රෝහණ රාජපක්ෂ.මං එතුමට කරන්නෙත් අසීමිත ආදරයක්.

මගේ අම්මා මට 2015දි කිවුවා පුතේ උඹ මහින්ද මහත්තයා දාලා ගිහිල්ලා නම් ගෙදර එන්නෙපා කියලා. හැබැයි මේ වෙලාවේ ඒ අහිංසක අම්මා කිවුවා පුතේ උඹ ගිහිල්ලා රනිල් ජනාධිපති දිනවන්න වැඩ කරන්ඩ කියලා.

READ:   පොහොට්ටුවේ නායකත්වය මහින්ද රාජපක්ෂට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්